Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්රියාත්මක කරන නිවසට ගෙනයන සලාකය (Take-Home Rations) බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්රික්කයේ, බුත්තල, ඔක්කම්පිටිය, දඹේයාය ප්රාථමික විද්යාලයේ දී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මුදල් අමාත්යාංශය, අධ්යාපන අමාත්යංශය සහ සෞඛ්ය අමාත්යාංශය සමග Save the Children සංවිධානය ඇතිකරගත් අවබෝධතා ගිවිසුම යටතේ, පාසල් දරුවන්ගේ සාක්ෂරතාවය සහ අවධානය වැඩි දියුණු කිරීම වෙනුවෙන් රජය මගින් ක්රියාත්මක කරන පාසල් ළමුන් සදහා ආහාර ලබා දීමේ වැඩසටහනේ තිරසාරභාවය ශක්තිමත් කීරීම සහ වැඩි කිරීම සඳහා මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරන ලදී.
කෝවිඩ් අර්බුදය අතරතුර ක්රියාත්මක කරන මෙම ව්යාපෘතිය මගින් බදුල්ල, මොණරාගල, කිලිනොච්චි, මුලතිව්, නුවරඑළිය, රත්නපුර, ත්රිකුණාමලය දිස්ත්රික්කවල ප්රාථමික පාසල් 887 ක සිසුන් 110,000 ක් සඳහා මෙම ආහාර ලබාදීමේ වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය, මොණරාගල දිස්ත්රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ Save the Children සංවිධානය ප්රධානීන් එක්ව සිටියහ.
May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person and standingMay be an image of one or more people, people standing and outdoors