කාර්‍යභාරය


ඌව පළාත් ආණ්ඩුකාරවරයා සතු බලතල ප්‍රකාරව එතුමන් ලබාදෙන උපදෙස් හා නියෝග පරිදි පළාතේ මහජනතාව වෙත රාජ්‍ය සේවයේ ප්‍රතිලාභ ප්‍රශස්ත අන්දමින් ලගාකරදීම සඳහා අවශ්‍ය මූළික කටයුතු සම්පාදනය කිරීම ආණ්ඩුකාරවර කාර්යාලයේ මූළික කාර්යය භාරය වේ. ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරයා සතු බලතල පහත දැක්වෙන පරිදි වේ.

  • විධායක බලතල
  • මුල්‍ය බලතල
  • පරිපාලන බලතල

 

ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මූලික කාර්යයන්

  • පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්/දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පත් කිරීම.
  • විසර්ජන ප‍්‍රඥප්ති නිර්දේශ කර ඉදිරිපත් කිරීම, පරිපූරක ඇස්තමේන්තු නිර්දේශ කිරිම.
  • විසර්ජන ප‍්‍රඥප්ති අනුමත කිරිම.
  • දීපව්‍යාප්ත සේවයේ නිලධාරීන් අනුයුක්ත කිරිම/ස්ථාන මාරු කිරිම/නිදහස් කිරීම.
  • විශ‍්‍රාමික නිලධාරින් කොන්ත‍්‍රාත් පදනම මත පත් කිරිම.
  • දීප ව්‍යාප්ත සේවයේ වැඩ බැලීම, පත් කිරීම, පාරිශ‍්‍රමික අනුමත කිරිම.
  • විධිමත් විදේශ ගමන් වෙනුවෙන් ශ‍්‍රි ලංකාවෙන් බැහැරට යාමට අනුමැතිය දීම.
  • සියලූම නව බදවා ගැනීම් පත් කිරීම් සදහා අනුමැතිය ලබා දිම
  • දීමනා හා ගාස්තු අතිරේක පාරිශ‍්‍රමික ගෙවිමට අනුමැතිය දීම.
  • බඳවා ගැනීමේ පරිපාටි සහ ව්‍යවස්ථා සංග‍්‍රහ අනුමත කිරීම/සංශෝධන සඳහා අනුමැතිය ලබා දිම.
  • අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ කටයුතු කිරිම වැටුප් වර්ධක හා කාර්ය සාධන වාර්තා අනුමත කිරිම.
  • ආණ්ඩුකාරවර අරමුදලින් ලබා දෙන ආධාර හා පරිත්‍යාග පිළිබඳව කටයුතු කිරිම.
  • පළාත් සභා රාජ්‍ය සේවයට අදාල නිලධාරීන්ගේ ආයතන කටයුතු සඳහා ආයතන අධ්‍යක්ෂ ලෙස ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා දීම.
  • මධ්‍යම රජයේ චක‍්‍රලේඛ පළාත් සභා රාජ්‍ය සේවයට අදාල කිරීම.
  • ඌව සභා පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ විනය නියෝගයන්ට එරෙහිව අභියාචනා පිළිබද තීරණ ලබා දීම .
  • ඌව පළාත් සභා නිලධාරින්ගෙන්, අමාත්‍යාංශ වලින්, ආයතන වලින් ලැබෙන ලිපි පෙත්සම් පිළිබද කටයුතු කිරීම .
  • පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ අභියාචනා දුක් ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරිම.
  • වෘත්තිය සමිති ඉල්ලීම් අනුව සාකච්ඡා කැදවීම, රැස්විම් පැවැත්වීම, වාර්තා නිකුත් කිරීම.