ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී වෛද්යාධාර, අධ්යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, නියෝජ්ය ප්රධාන ලේකම් (මූල්ය) එම්.ඊ. සුමිත්රා සිල්වා මහත්මිය ඇතුළු ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ.