2020-UVA GOING ECO FIRST

2020  -UVA GOING ECO FIRST

2020 පළමු හරිත පළාත ඌව වෙල්ලස්ස කරමු.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දස වැදෑරුම් ප්‍රතිපත්ති වලින් සුවිශේෂී රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස  “තිරසාර පරිසර කළමනාකරණය” සදහන් වේ. අතිගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙසේ සදහන් කර ඇත.

“ගහ කොළ , ඇලදොල සහ සතා සිවුපාවුන් මුල් කරගත් පරිසරය බැඳී ඇත්තේ අපගේ සුසුමත් සමගය. එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් අප පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතුය. අලුත් වන වගා සංග්‍රාමයන් මෙන්ම සියලු වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කල යුතුය. යල් පැනු නීති රාමුව වෙනස් කර සියළු පරිසර අවභාවිතයන් නිමා කිරීම සදහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කල යුතුය. සියළු ගංගා ඇළ, දොළ පිරිසිදු කිරිමේ වැඩසටහනක් සමග පුරවරසියන්ට ජලය සදහා ඇති ශුද්ධ වු අයිතිය ආරක්ෂා කිරිම අප සතු වගකීම වේ. සෞභාග්‍යවත් දේශයක් කරා පහසුවෙන් ලගා වීමට බාධාවක් පවතින සහ රාජ්‍ය යන්ත්‍රණය අකර්මණ්‍ය කර ඇති යල් පැණ ගිය නීති රෙගුලාසි , ආයතනික සහ පරිපාලන ව්‍යවස්ථා සියල්ල නැවත සලකා බලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කිරිම සදහා නිති ප්‍රතිසංස්කරණ සභාවක් ස්ථාපනය කෙරෙනු ඇත.”

එකී අතිගරු ජනාධිපතිතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ශ්‍රි ලංකාවේ අති සුන්දරම පළdත ලෙස සලකන ඌව වෙල්ලස්ස තේමා කර ගනිමින් ඌව ප‍ෙත් ආණ්ඩුකාර කාර්යාලයේ 2020 වර්ෂය සදහා ආදර්ශ පාඨය ලෙස

“2020  -UVA GOING ECO FIRST”

“පළමු හරිත පළාත ඌව වෙල්ලස්ස කරමු”.

යන තේමාව යටතේ තිරසාර පරිසර කළමනාකරණයේ මුල් වෙඩිල්ල ඌව වෙල්ලස්සෙන් ආරම්භ කරන බවට ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉතා ආඩම්බරයෙන් දැනුම් දෙනු ලැබේ. ඒ සදහා ඌව ජනතාවගේ සහ ජනතා නියෝජිතයින්ගේ සම්පුර්ණ සහය හිමිවනු ඇති බවට ඒකාන්තයෙන් විශ්වාස බවටද එම කාර්යාලය තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

ඌව ආණ්ඩුකාර කාර්යාලය