අපගේ සේවාවන්


ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදල

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදල යටතේ සමාජ සංවර්ධනය කිරීමේ අරමුණින් විවිධ ආයතන සහ පුද්ගලයින් සඳහා රුපියල් 3,988,250.00 ක වියදමින් පුද්ගලයින් සහ ආයතන 682 ක් සඳහා ආධාර ලබා දී ඇත.

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය

2018 වර්ෂයේදී ඌව පළාත් රණවිරු උළෙල පෙර වර්ෂයන්ට වඩා ගරු ගාම්භීරත්වයකින් සිදු කරණ ලදි. මෙම උත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබන අතර, ඒ සඳහා සියළුම රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනු ලැබේ. මෙහිදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් යන අංශයන්ගෙන් ලැබුණු සහයෝගය අතිශය කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත.