අප ගැන


දැක්ම

ජනතා හිතවාදී ප්‍රමුඛතම පළාත් සභා රාජ්‍ය සේවාවක්

මෙහෙවර

ඌව පළාත් රාජ්‍ය සේවය කාර්යක්ෂම, සඵලදායී හා ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම සහ එහි ආයතනික හා මූල්‍ය විනය ඇති කිරීම සඳහා පළාත් සභා රාජ්‍ය ආයතන මෙහෙයවීම හා ඇගයීම.

 

අරමුණු

  • පළාතේ සංවර්ධන ඉලක්ක සපුරාලත හැකි තරමටම පළාත් රාජ්‍ය ආයතන වලට අවශ්‍ය සුදුසුකම් සහිත කාර්ය මණ්ඩල හඳුනා ගැනීම, බඳවා ගැනීම හා ධාරිතාවය සංවර්ධනය කර පවත්වා ගෙන යාමට උපදෙස්,නියෝග හා අනුමැතීන් ලබාදීම.
  • ඌව පළාත් සභා රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ ආයතනික කටයුතු සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම්, උසස් කිරීම් ආදිය පිළිබඳව තෘප්තිමත් භාවයට පත් කර පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස්,නියෝග හා අනුමැතීන් ලබාදීම.
  • ඌව පළාත් සභා රාජ්‍ය ආයතනවල මුල්‍ය විනය ප්‍රශස්ත අන්දමින් පවත්වා ගනිමින් සියළුම ඌව පළාත් සභා රාජ්‍ය ආයතනවලට සතුටු දායක විගණන මතයක් ලැබෙන තත්වයට පත් කිරීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් සිදුකිරීම.
  • පළාත තුළ  පවතින සංවර්ධන විභවතා පාදක කරගනිමින් පළාතේ කෘෂිකර්ම, සංචාරක, ග්‍රාමීය හා කුඩා ව්‍යවසාය යනාදී ක්ෂේත්‍ර සංවර්ධනය කර අඛණ්ඩව පවත්වාගෙන යාමට වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම් හා අනුමැතීන් ලබාදීම.