පෘථිවි සමුළුව 2025 (Earth Summit 2025)දඹාන ආදිවාසි ගම්මානයේ දී, පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පරිසර කටයුතු පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඌරුවරිගේ වන්නියලැත්තන්, මහාචාර්ය පෝල් මැන්සල් මහතා, මහාචාර්ය සරත් කොටගම මහතා, මහාචාර්ය ටර්නි ප්‍රදීප් මහතා, ආචාර්ය අමිත් පුස්සැල්ල මහතා, ගෲප් කපිතාන් නලින් ද සිල්වා මහතා, නීතිඥ ජානක අබේසේකර මහතා ඇතුළු දෙස් විදෙස් ආචාර්ය මහාචාර්යවරු රැසකගේ සහභාගිත්වයෙන් යුතු ව පැවැත්විණි .
Planet Protectors සංවිධානය විසින් පරිසර අමාත්‍යාංශයේ සහය ඇතිව කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ආයතන හා සංවිධාන රැසක සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.