ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමේදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අධ්‍යාපනය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීමේදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පෞද්ගලික මගී පොදු ප්‍රවාහන සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු විය. පෞද්ගලික බස්...

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම ….

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු...

ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඊයේ දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, වර්තමානයේ අපේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කර තත්ත්වයට අතහිත දෙමින්...

බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු ….

බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී එම ඉඩම හිමිකාරීත්වය පිළිබඳව මතුව ඇති ගැටළුකාරී තත්වය පිළිබඳව පරික්ෂා කොට ඒ සම්බන්ධව නිරීක්ෂණ හා නිර්දේශයන් ලබා ගැනීමේ අරමුණින් ඊයේ දින විශේෂ කමිටුවක් පත් කරන ලදී. බිබිල ප්‍රාදේශීය ලේකම් යු.එන්.වීරසිංහ...

ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහන

ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදි. ඌව පළාත් නවෝද්‍යා අරමුදලේ ප්‍රතිපාදන යටතේ පළාතේ කලාප කාර්යාල දහයක් සඳහා මෙම මුද්‍රණ යන්ත්‍ර ලබාදීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය සංකේතාත්මක...

i Road ව්‍යාපෘතිය

i Road ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන හාලිඇල පිටත වටරවුම් පාර 9 කොටසේ සංවර්ධන කටයුතු නතර වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අදාල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත්...