2024 පාසල් දරුවන් සදහා පාවහන් වවුචර්පත් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව ඌව පළාත් ප්රධාන උත්සවය බදුල්ල නෙළුම්ගම විද්යාලයේදි අද (04) දින පැවැත්විණි.
මෙහිදී ජාතික උත්සවයට සමගාමීව පාසලේ සිසු සිසුවියන් දස දෙනෙකු සදහා පාවහන් ලබාගැනීම සදහා රුපියල් 3000 වටිනා වවුචර්පත් ලබාදීම සිදුවිය.
වවුචර්පත් ලබාගත් සිසු දරුවන්ට ලියාපදිංචි වෙළඳසැලකින් 2023-12-09 වන දින සිට 2023-12-27 දක්වා එම තිළිණපත් ඉදිරිපත් කර පාවහන් ලබා ගැනීමට අධ්යාපන අමාත්යාංශය පහසුකම් සලසා ඇත.
දිවයින පුරා දුෂ්කර, අතිදුෂ්කර, හුදෙකලා පාසල් දරුවන් සඳහා රුපියල් මිලියන 2,200ක වටිනාකමින් සිසුන් 747,093කට මෙලෙස වවුචර්පත් ලබා දීමට අධ්යාපන අමාත්යාංශය කටයුතු කර ඇත.
මෙම උත්සව අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් දමයන්ති පරණගම, පළාත් අධ්යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්විය.
2024 பாடசாலை மாணவர்களுக்கு பாதணி கூப்பன் விநியோகிக்கும் தேசிய நிகழ்வுடன் இணைந்ததாக ஊவா மாகாணத்தின் பிரதான நிகழ்வு இன்று பதுளை நெலும்கம வித்தியாலயத்தில் நடைபெற்றது.
இதன்போது தேசிய நிகழ்வுடன் இணைந்ததாகப் பாடசாலை மாணவர்கள் 10 பேருக்கு பாதணிகளை கொள்வனவு செய்வதற்காக 3000 ரூபாய் பெறுமதியான கூப்பன்கள் வழங்கப்பட்டது.
கூப்பன்களை பெற்றுக்கொண்ட மாணவர்கள் பதிவு செய்யப்பட்ட கடையிலிருந்து 2023-12-09 திகதி முதல் 2023-12-27 வரை பாடசாலை பாதணிகளை கொள்வனவு செய்யக் கல்வி அமைச்சு ஏற்பாடுகளைச் செய்துள்ளது.
நாடளாவிய ரீதியில் பொருளாதார ரீதியாகப் பின்தங்கியுள்ள பாடசாலை மாணவர்கள் 747,093 பேருக்கு 2,200 மில்லியன் ரூபாய் செலவில் இலவசப் பாதணி கூப்பன்களை வழங்கக் கல்வி அமைச்சு நடவடிக்கை எடுத்துள்ளது.