10 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සමුළුව – 2023 ඊයේ දින (14) රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හි දී, රුවන්ඩාවේ අග්‍රාමාත්‍ය Ngirente Edouard මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

(Building resilience in local government to build back better ) “පළාත් පාලන ආයතන වලට වඩාහොදින් ඔරොත්තු දිමේ හැකියාව ගොඩ නැගිම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමා සහභාගී වී ඇත.

නොවැම්බර් මස 14 වන දින සිට 17 වන දින දක්වා රුවන්ඩාවේ අගනුවර වන කිගාලි හිදි පැවැවෙන මෙම සමුළුවේදී ගෝලීය ආර්ථික අර්බුදය, දේශගුණික විපර්යාස හා කොවිඩ්-19 වසංගතය ඇතුළු ඍණාත්මක බලපෑම් වලට පළාත් පාලන ආයතන මුහුණ දෙන්නේ කෙසේද, ඉදිරියේදී එවන් අවස්ථා වලට සූදානම් වෙන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා වේ.

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමා මෙම සමුළුවට සහභාගී වී, “නගර මුල්‍ය තුලින් මහජන සහභාගිත්වය හරහා සුහුරු සහ මානව නගර නිර්මාණය කිරිම” (Smart and Human City is making through the Public Participation in the City Finance) යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් ඉදිරිපත් කිරිමට නියමිත අතර, සමුළුවේදි ගන්නා වු නිර්දේශ 2024 පොදුරාජ්‍ය මණ්ඩලිය ප්‍රධානින්ගේ රැස්විමේදි (CHOGM) ඉදිරිපත් කිරිමට නියමිතය

உள்ளூராட்சி நிறுவனங்களை நடைமுறைப்படுத்தும்போது ஏழும் பிரச்சினைகள் மற்றும் அனுபவங்களின் அடிப்படையில், எதிர்காலத்தில் எதிர்கொள்ளும் சவால்களைக் கவனத்தில் கொண்டு (Building resilience in local government to build back better ) ‘உள்ளூராட்சி நிறுவனங்களின் மீள் தன்மையைச் சிறந்த முறையில் உருவாக்குதல்’ எனும் தொனிப்பொருளின் கீழ் உருவாண்டா குடியரசு நடைபெறும் “பொதுநலவாய உள்ளூராட்சி மாநாடு- 2023 இல் கலந்துகொள்வதற்காக ஊவா மாகாண ஆளுநர் ஏ.ஜே.எம். முஸம்மில் ருவாண்டாவுக்கு பயணமாகியுள்ளார்.

பல நாடுகளின் பிரதிநிதிகள் பங்கேற்கும் இந்த மாநாடு, ருவாண்டா தலைநகர் கிகாலியில் நவம்பர் 14ஆம் திகதி முதல் 17ஆம் திகதி வரை நடைபெறவுள்ளது.

கௌரவ பிரதமர் தினேஷ் குணவர்தன அவர்களின் வேண்டுகோளுக்கு இணங்க, இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்தி, ஆளுநர் ஏ.ஜே.எம். முஸம்மில் இந்த மாநாட்டில் கலந்துகொண்டுள்ளார். இதன் போது ஆளுநர் ஏ.ஜே.எம். முஸம்மில் அவர்கள் (Smart and Human City is making through the Public Participation in the City Finance) எனும் தலைப்பின் கீழ் விசேட உரையொன்றையும் நிகழ்த்தவுள்ளார். குறித்த மாநாட்டில் மேற்கொள்ளப்படும் பரிந்துரைகள் 2024 ஆண்டு நடைபெறவுள்ள பொதுநலவாய நாடுகளின் தலைவர்கள் மாநாட்டில் (CHOGM) முன்வைக்கப்படவுள்ளது