සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද වැඩසටහන ඊයේ දින (15) ඌව පළාත කේන්ද්ර කර ගෙන, මොනරාගල දිස්ත්රික් කාර්යාලයේ දී පැවැත්විණි.
ඌව පළාත තුළ වෙසෙන ලක්ෂ 13කට අධික ජනතාවට මධ්යම රජය යටතේ පාලනය වන බදුල්ල ශික්ෂණ රෝහල සහ මොණරාගල දිස්ත්රික් මහ රෝහල යන රෝහල්වලින් මෙන්ම ඌව පළාත් සභාව මගින් පාලනය වන මූලික රෝහල් හයකින් සහ ප්රාදේශීය රෝහල් පනස් අටක්, ප්රාථමික සෞඛ්ය ප්රතිකාර ඒකක විසි හයකින් මෙන්ම සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල විසි හතක් මගින් සුව සේවාව සපයයි.
මෙහි දී, ඌව පළාතේ ජනතාව මුල්කරගෙන පෝෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීම, දරුවන් හා මවුවරුන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීම, ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්රියාත්මක කිරීම, ගම්බද ජනතාව වෙනුවෙන් විශේෂ සෞඛ්ය වැඩසටහන් දියත් කිරීම, වතුකර ජනතාව වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීම, ක්ෂය රෝගය සදහා රෝගීන් හදුනා ගැනීමේ සහ ප්රතිකාර සිදු කිරීමේ ක්රමවේද ශක්තිමත් කිරීම, ලිංගාශ්රිත රෝග පිළිබදව ජනතාව දැනුවත් කිරීම, හඳුනාගැනීම, ප්රතිකාර ශක්තිමත් කිරීම, ඌව පළාත් තුළ පවතින වකුගඩු රෝගී තත්ත්වය හා එම රෝගීන්ට ප්රතිකාර සිදු කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම, ප්රවාහන පහසුකම්, රෝහල් සහ සෞඛ්ය ආයතනවල පවතින සෞඛ්ය වෘත්තික හිඟයට විසදුම් ලබාගැනීම, සෞඛ්ය වෘත්තිකයන් පුහුණු කිරීම, මානව හා භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අතර ඒ සඳහා විසඳුම් ලබාගැනීම ද සිදු විය.
තවද අමාත්යවරයා විසින් ඌව පළාතේ රෝහල්වල ඖෂධ හිගයක් පවතින්නේ ද යන්න පිළිබඳව විමසීමක් සිදු කළ අතර, රෝගී ප්රතිකාර සේවා සඳහා අවශ්ය වන ඖෂධ රෝහල්වල පවතින බව වෛද්ය පරිපාලකයෝ මෙහි දී සදහන් කළහ.
එමෙන්ම මෙම වැඩසටහන අවසානයෙහි මොනරාගල දිස්ත්රික්කයේ පිහිටා ඇති රෝහල් කිහිපයකම ක්ෂේත්ර චාරිකා වල යෙදෙමින් ඒවා තුළ ඇති අඩුපාඩු විමසා බැලීමට අමාත්යතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙය අවස්ථාවක් කර ගනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා ගරු විදේශ රැකියා ප්රවර්ධන රාජ්ය අමාත්ය ඒ.පී. ජගත් පුෂ්පකුමාර මැතිතුමා, ගරු පිරිවෙන් අධ්යාපන රාජ්ය අමාත්ය විජිත බේරුගොඩ මැතිතුමා, ගරු දිස්ත්රික් මොනරාගල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපති හා පාර්ලිමේන්තු මන්ත්රී කුමාරසිරි රත්නායක මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිත්වය, සමගින් සෞඛ්ය ලේකම් වෛද්ය ජී.පී ලියනගේ මහතා, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්ය අමාත්යංශය අනෙකුත් අධ්යක්ෂකතුමන්ලා, ඌව පළාත් ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ඌව පළාත් සෞඛ්ය ලේකම් දයානන්ද රත්නායක මහතා, මොනරාගල දිස්ත්රික් ලේකම් ආර්.එම්.පසන්.එස්.බී රත්නායක මහතා, ඌව පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂිකා ජනිතා තෙන්නකෝන් මහත්මිය, බදුල්ල සහ මොනරාගල දිස්ත්රික් ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂකතුමන්ලා සමගින් මෙම වැඩසටහන සඳහා මොනරාගල දිස්ත්රික්කයේ සියලුම ආයතන භාර වෛද්යවරුන්, සෞඛ්ය වෛද්ය නිලධාරීන්, ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලය සහභාගි විය.