සී/ස බදුල්ල දිස්ත්රික් වී සහ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.
ඌව පළාත් සමූපකාර ප්රඥප්තිය යටතේ ලියාපදිංචි කළ දිස්ත්රික් සහල් නිෂ්පාදන සමූපකාර සමිතියක් මෙම සමිතියට හා එහි සමාජික වී මෝල් හිමියන්ට සිදුකරණ අසාධාරණ සම්බන්ධව සහ ඌව පළාතේ රජයේ වී මිළදී ගැනීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීමට පවතින බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා ඌව පළාත් ප්රධාන ලේකම් බී. පී. විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, සමූපකාර කොමසාරිස්තුමා,මාර්ග හා සමූපකාර අමාත්යංශ ලේකම්, කෘෂිකර්ම අමාත්යංශ ලේකම්, කෘෂිකර්ම අධ්යක්ෂක, සමූපකාර සහකාර කොමසාරිස් හා සමිති සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි විය.