ලබන්නාවූ සිංහල හා හින්දු අලූත් අවුරුදු නව වසර තිරසර අරමුණු සපිරි සාමය, සතුට පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්රාරාර්ථනා කරමි.
අවිනිශ්චිත පරිසරයක් තුළ අපමණ කම්කටොලූ හා ආර්ථිකමය පීඩාවන් පසුකර නව අපේක්ෂාවන් සමඟින් උදාවන්නාවූ අලූත් අවුරුද්ද සතුටින් පිළිගන්නෙමු.
ආර්ථික වශයෙන් ආගාධයට වැටුණු අපගේ රට යළි ගොඩනැගීමේ අධිටනින් ගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජය ක්රියාත්මක කරන වැඩසටහන් සියල්ල ආර්ථිකමය වර්ධනයේ නව හරස්කඩක් සනිටුහන් කරන තීරණාත්මක වර්ෂයක් ලෙස මෙම වර්ෂය හැඳින්වීම නිවැරදිය.
ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේද පසෙකලා අප රටේ සියලූ දෙනා ශ්රී ලාංකීය ජාතියක් ලෙස එක්සත්ව එක්සිත්ව සතුටින් සමරන ජාතික උත්සවයක් ලෙස සිංහල හා හින්දු අලූත් අවුරුදු උදාව හැඳින්විය හැක. ජාති, කුල, වර්ණ කෙසේ වෙතත් නානාප්රකාර සංස්කෘතික විපර්යාසයන් පිළිගෙන ඒවාට ගරු කරමින් සියලූදෙනා සමඟ සතුටින් හා සාමදානයෙන් ජීවත් වීමට මෙම නව වසර නව මඟ පෙන්වීමක ආරම්භයක් ලෙස වෙනස් කරමු.
එසේම, සිංහල හා හින්දු අලූත් අවුරුදු සමරන ලෝකවාසී සියලූ ශ්රී ලාංකියන් හට සෞභාග්යමත් රටක් ගොඩනැගීමට මුල පුරන සාමය, සතුට, සංහිඳියාව සඳහා කැප වූ ප්රීරීතිමත් නව වසරක් වේවායි හෘදයාංගමව ප්රාරාර්ථනා කරමි.
ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර
14-04-2023