සමස්ත ලංකා ප්රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ දෙවන ජාතික සම්මේලනය 2023 සියඹලාණ්ඩුව යොවුන් සේනාංක පරිශ්රයේදී පසුගිය 02 වැනි දා පැවැත්විය.
දිවයින පුරා ප්රාදේශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ලේඛකාධිකාරි නායක හිමිවරුන් 329 දෙනෙකු මෙම සමුළුවට සහභාගි වූහ.
ශ්රී ලංකාවේ බෞද්ධ ශාසනය ආරක්ෂා කර පවත්වාගෙන යාම සදහා වූ නව යෝජනා හා අදහස් මෙහිදි මහා සංඝයා වහන්සේලා සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජන සම්මත කර රජයේ මැදිහත්වීම මත ක්රියාත්මක කිරීම සදහා යොමු කිරීමට නියමිතය.
මෙම සමුළුවේදී ඉරිදා දින දරුවන්ට දහම් දැනුම ලබාදීමට බාධාවක්ව පවතින අමතර අධ්යාපනික පංති පැවැත්වීම තහනම් කිරීම, දන්සැල් වන්දනාව නිසා පන්සල් එන්නැති හේතුවට විසදුමක් ලෙස වෙසක්, පොසොන්, ඇසල පෝයවල් තුනේදි පෝය දින පමණක් දන්සැල් පැවැත්වීම නැවැත්වීම, අධිකරණවල ගොඩ ගසා තිබෙන වැලි, ගල් දිරා යන වාහන විහාරස්ථාන වලට ලබා ගැනීම, රැකිවකට යාමට දහම් පාසල් සහතිකය අනිවාර්ය්ය කිරීම ඇතුළු බෞද්ධ ආගමිකයින් හා මහා සංඝරත්නයේ චිරත්සතිය සදහා අවශ්ය යෝජනා ඉදිරිපත් කර සභා සම්මත කර ගැනීම මෙහිදි සිදුවිය.
මෙහිදි ‍‍‍මොණරාගල සහ බදුල්ල දිස්ත්රික්කයේ දිස්ත්රික් ශාසනාරක්ෂක මණ්ඩල සදහා ඌව පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ ‍‍දෙක බැගින් වු මුදල් චෙක්පත් දෙකක් ප්රධානය කිරීම ද සිදුවිය.
මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ධ නාහිමි, එහි ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ නාහිමි ඇතුලු මහා සංඝරත්නය, මොණරාගල දිස්ත්රික් ලේකම් පසන් රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් කිර්ති සිරිබද්දන මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.
මෙම උත්සවය ‍‍මොණරාගල දිස්ත්රික්කේ මහා සංඝරත්නයේ උපදෙස් හා ආශිර්වාදයෙන් සියඹලාණ්ඩුව ප්රා‍‍දේශිය ‍‍ලේකම් කේ.ඩී.ඒ.එල් ඒ දයාරත්න මහතා ඇතුලු නිළධාරීන් විසින් සංවිධානය කර තිබිණ.