ශ්රී ලංකාවේ ප්රථම අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, ලංකාවේ පළමු කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල ශ්රී සංඝරාජ පිරිවෙන් පරිශ්රයේදී කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කරන ලදී.
අර්තාපල් තීරු හෙවත් French Fries අද අපේ රටේ පමණක් නොව මුළු ලෝකයම ජනප්රිය ආහාරයක්.
අප රටේ නිපදවිය හැකි දේ අපේ රටේම නිපදවීම අපේ අරමුණයි. එම නිසා මෙම කර්මාන්තශාලාව මගින් එම ප්රදේශයේ අර්තාපල් වගා කරන ගොවීන් 250කගේ අර්තාපල් මේ සඳහා යොදාගනු ඇත.
මේ සඳහා අතහිත ශක්තිය දුන් SAPP, IFAD, ව්යාපෘති මෙන්ම කෘෂිකර්ම අමාත්යාංශය, ශ්රී සංඝරාජ පිරිවෙනේ පරිවේනාධිපති රතනසිරි හාමුදුරුවෝ ඇතුළු දායකත්වය දැක්වූ සියලුම දෙනාට මගේ කෘතඥතාවය පිරිනමමි.
Mr. Farmer ලේබලය යටතේ අර්තාපල් තීරු නිෂ්පාදනය අර්තාපල් සඳහා අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස මෙම නිෂ්පාදන අපේ රටේ වෙළෙඳ පොළට නිකුත් වනු ඇත.
කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රි සුදර්ශන දෙනිපිටිය මහතා, කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ඌව පළාත් ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, පළාත් අධ්යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.