ඉස්ලාම් භක්තිකයන් වන අප වෙත අනිවාර්ය වූ උපවාසශීලය ඉටුකර, ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි.
ශුද්ධ වූ අල්කුර්ආනය අපට පවසන පරිදි මුස්ලිම්වරුන් කුමන වටපිටාවක වුවද ඉවසීමෙන් කටයුතු කළ යුතුය. වර්තමානයේ අපට ජාත්යන්තර වශයෙන් හා ජාතික වශයෙන් දේශපාලන හා ආර්ථික අර්බුදවලට මුහුණදීමට සිදුවී ඇත. ඒ සඳහා වන විසඳුම් සොයා යන ගමනට අවශ්ය දැනුම, ශක්තිය හා ධෛර්යය දුආ ප්රාරාර්ථනාවන් මගින් ලබාගැනීමට මෙම ශුද්ධ වූ දිනයේ විශේෂිත දුආ ප්රාරාර්ථනාවන් වල නිරත වෙමු.
විශේෂයෙන් සමගිය, සහජීවනය, තිරසාර සාමය හා රටේ සංවර්ධනය උදෙසා මුස්ලිම් ප්රරජාව ප්රාරාර්ථනා කළ යුතුය. රට තුළ දේශපාලනික අර්බුදකාරී වාතාවරණය දැනට පහවී ඇති නමුදු, ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනතාවගෙන් බහුතරයක් නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. මෙම ශුද්ධ වූ සුභ දිනයේ ආර්ථික වශයෙන් පීඩාවට පත්වී ඇති දුගී ජනතාව හා අසල්වැසියන් හදුනාගෙන ඔවුන් වෙනුවෙන් ඔබ විසින් කළ හැකි උදව් උපකාර ඔවුන්ට ලබාදී දුෂ්කරතා දුරලීමට සියලූ දෙනාම අද දවසේ ඉදිරිපත් විය යුතුය.
සර්වබලධාරී අල්ලාහ්, අපගේ උපවාසශීලය පිළිගනිමින් ඔහුගේ උසස් දායාදයන් අපට ලබා දෙනු මැනව. ජනතාව මුහුණ දෙන සියලූ අර්බුද සහ පීඩාවන් ඉවත් කරනු මැනව! ආමීන්.
ඔබ සියලූ දෙනාටම ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම් එක්කරමි. ‘ඊද් මුබාරක්’
ඒ.ජේ.එම්. මුසම්මිල්
ඌව පළාත් ආණ්ඩුකාරවර
22-04-2023