මිහිමත ත්යාගවන්තයකු ලෙස බිහි වූ අවසන් දේව ධූතයෙකු ලෙස සැලකෙන උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.
එබැවින් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උපත ලැබූ රබිඋල් අව්වල් මාසයට ඉමහත් සුවිශේෂත්වයක් ඇත. නබිතුමාගේ උපන්දිනය, මිලාදුන් නබි දිනය ලෙස ද හැඳුන්වන අතර එදින විශ්වීය වශයෙන් ප්රීතිය හා සතුට ප්රකාශ කළ හැකි ඉමහත් ඓතිහාසික වැදගත්කමක් ඇති සිදුවීම් සහිත දිනයකි.
එතුමා ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, මනුෂ්යත්වය, අන්තර්-වාර්ගික සමානාත්මතාව සහ සහජීවනය වෙනුවෙන් සිය ජීවිතය කැප කර ඇත.
සෑම අවස්ථාවකදීම දැහැමිව හා යුක්තිගරුකව කටයුතු කළ අතර දුප්පතුන් සහ අනාථයින් කෙරෙහි අනුකම්පාව දක්වමින් ජීවත් වූ අයෙකි. ඔහු විසින් බහු වාර්ගික ප්රජාවන් ඇතුළත් සාධාරණ ප්රතිපත්තියක් වන ‘මදීනා ප්රඥප්තිය’ හඳුන්වා දෙන ලදී. එබැවින් ඔවුන් දහම හා ලෞකිකත්වය යන දෙඅංශයෙන්ම විශාල සාර්ථකත්වයක් අත්කර ගත්තෙහු. මානව ඉතිහාසයේ වඩාත්ම බලගතු පුද්ගලයා ලෙස නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හඳුනාගනු ලබන්නේ එනිසා ය.
නබිතුමාගේ පෞරුෂ ලක්ෂණ කියවා අවබෝධ කර ගැනීමට කාලය ගත කිරීම, එතුමා පිළිබඳව අන් අය දැනුවත් කිරීම හා ඔවුන්ගේ වැරදි වැටහීම් දුරු කර ඔවුන්ට නිවැරදි අවබෝධයක් ලබා දී නබිතුමා කෙරෙහි යහපත් සිතුවිල්ලක් ඇති කරලීමට කටයුතු කිරීම ආදිය එතුමාගේ අනුගාමිකයින් වශයෙන් අපගේ යුතුකම සහ වගකීම වේ.
එබැවින් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දිවි පෙවත අපි ආදර්ශයට ගනිමු. අපි ඔවුන්ගේ ජීවිත ගැඹුරින් අධ්යයනය කර ඔවුන් කෙරෙහි ආදරය සෙනෙහස අපේ දරුවන් තුළ ද ඇති කරමු. අල්කුරානය පසුබිම් කරගත් යහපත් සමාජයක් මෙලොවට දායාද කර දුන් උතුම් වූ එතුමාගේ අමිල මෙහෙවරට අනුගත වී සද්ක්රියාවන් වල යෙදිය යුතුය යන්න දෑත් එක්කර මෙදින ප්රාර්ථනා කර ගනිමු.
ඒ.ජේ.එම්. මුසම්මිල්
ඌව පළාත් ආණ්ඩුකාරවර