ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදි‍වෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ‍ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවය බදුල්ල ශික්ෂණ ‍‍රෝහල් පරිශ්‍රයේදී ඊයේ 26 දින සිදුවිය.
මෙම දස මහල් ‍ගොඩනැල්ල ඉදිකිරීම සදහා රජය රුපියල් බිලියන 2.26ක මුදලක් ‍වෙන්කර තිබෙන අතර ඉදිකිරිම් කටයුතු 2025 වසරේ නිමකිරීමට නියමිතය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ 11 වන වෛද්‍ය පීඨය සදහා අවශ්‍ය මහාචාර්ය ඒකකය ඉදිකිරීම සහ පළාත්බද මහ රෝහලක් ‍ලෙස පැවති බදුල්ල මහ රෝහල ශික්ෂණ ‍‍රෝහලක් බවට පත් කිරීම ද මෙහිදි සිදු විය.
මෙහි ඉදිකරන ගොඩනැගිල්ලේ කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය වි‍ශේෂඥ අංශ මහාචාර්ය ඒකක ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ඉදිවු වෛද්‍ය පීඨයට ලබන ජනවාරියේදි සිසුන් 50ක් බදවා‍ගෙන පාඨමාලා ආරම්භ කර ඔවුන්ගේ හතර වන වසරේ අධ්‍යාපනික ඉගෙනුම් කටයුතු මෙම මහාචාර්ය ගොඩනැගිල්ලේ ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙ‍ම උත්සව අවස්ථාවට ‍වරාය හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු අරවින්ද කුමාර් මැතිතුමා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුළපති මහාචාර්ය්‍ය ජයන්ත බලවර්ධන මහතා , උප කුළපති මහාචාර්ය්‍ය කෝලිත බංඩාර මහතා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු මහචාර්ය්‍යවරුන්, වි‍ශේෂඥ වෛද්‍යවරුන්, බදුල්ල ශික්ෂණ ‍රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා ඇතුළු කාර්ය්‍ය මණ්ඩලය සහභාගි විය.
ஊவா வெல்லஸ்ஸ பல்கலைக்கழகத்தில் புதிதாக நிறுவப்பட்ட மருத்துவ பீட மாணவர்களுக்காக, மருத்துவப் பயிற்சிக்குத் தேவையான சகல வசதிகளுடன் நிர்மாணிக்கப்படும் பேராசிரியர் பிரிவுகளுடன் கூடிய பத்து மாடிக் கட்டிடத்தின் நிர்மாணப் பணிகளை ஆரம்பித்து வைக்கும் நிகழ்வு நேற்று 26 ஆம் திகதி பதுளை போதனா வைத்தியசாலை வளாகத்தில் இடம்பெற்றது.
குறித்த பத்து மாடிக் கட்டிடத்தின் நிர்மாணப் பணிகளுக்காக சுமார் 2.26 பில்லியன் ரூபாய் நிதி ஒதுக்கப்பட்டுள்ள அதேவேளை, 2025 ஆம் ஆண்டில் நிர்மாணப் பணிகளை நிறைவு செய்யத் திட்டமிடப்பட்டுள்ளது.
ஊவா வெல்லஸ்ஸ பல்கலைக்கழகத்தில் புதிதாக ஸ்தாபிக்கப்பட்ட 11 ஆவது மருத்துவ பீடத்திற்குத் தேவையான பேராசிரியர் பிரிவை நிர்மாணிப்பது மற்றும் மாகாண பொது வைத்தியசாலையாக இருந்த பதுளை பொது வைத்தியசாலையைப் போதனா வைத்தியசாலையாக மாற்றும் நிகழ்வுகள் இதன்போது இடம்பெற்றது.