බදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත ප්රතිසංස්කරණය කිරීමට පසුගිය අය වැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ ආරම්භ කිරීම සදහා පළමු නිරීක්ෂණ චාරිකවට වාරය හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සහභාගි විය,
පසුගිය කාලයේ රජයන් කිහිපයකින්ම වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ගය ප්රතිසංස්කරණය කිරීම සදහා මාර්ගයට මුල් ගල් තැබුවත් වැඩ ආරම්භ කළත් එම ඉදිකිරීම් අතරමග නැවතී ඇත,
මෙවර අයවැයෙන් වෙන් කළ මුදල් වලින් වැඩ ආරම්භ කිරීමේ උත්සව නෙපවත්වාම මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්යවරයා පැවසීය,
පළමුවෙන්ම හාලිඇල- ඌවපරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සම්බන්ධ කරන මාර්ගයේ තිබෙන උමා ඔය හරහා රජකාලයේදී පවා තිබු බව කියන හළාඹ ගම්මානයේ තිබෙන අබලන් හා කුඩා පාලම් දෙක ප්රතිසංස්කරණය කිරීමට කයුතු කර තිබේ,
මෙම පාලම් දෙක ප්රතිසංස්කරණය කිරීමෙන් පසු දැනට කිලෝමීටර් 110ක් පමණ දුරක් ගෙවා ජනතාව බදුල්ල -උවපරණගම අතර තිබෙන දුර කිලෝමීටර් 30කින් පමණ ගමන යාමට හැකි බව ජනතාව කියයි,
මේ වන විටත් හාලිඇල ඌවපරණගම ප්රාදේශිය ලේකම් කොට්ඨාශ හරහා මහනුවර බලා දිවෙන මාර්ගය තිබුනත් එය ඇතැම් ප්රදේශ ඝණ කැළැවෙන් වැසී තිබුනත් ජනතාව අඩි පාරවල් දිගේ ඌව පරණගම -හාලිඇල අතර ගමන් කරති,
වසරක කාලයක් ඇතුලත මෙම මාර්ගය ප්රතිසංස්කරණය කිරීමට රජය කටයුතු කරන බව ඇමතිවරයා කියයි, පාලම් දෙකේ වැඩ ඉදිරි දින කිහිපයේදි ආරම්භ කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.