බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී මේ වන විට දිස්ත්රික්කය තුළ ක්රියාත්මක වන සංවර්ධන ව්යාපෘතිවල වර්තමාන ප්රගතිය හා ඒවා ක්රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙන්ම, ඉදිරියේදී ක්රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
එමෙන්ම දිස්ත්රික්කය තුළ අනවසර පස් කැපිම් වැළැක්විය යුතු බවත්, සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරිමේදි වර්තමාන වෙළදපල තත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ව්යාපෘති සදහා ප්රතිපාදන වෙන් කළ යුතු බවද සාකච්ජා වූ අතර, නූතන තාක්ෂණය භාවිතා කරමින් දිස්ත්රික්කයේ දිලිඳු බව පිටුදැකිය යුතු අතර, නූතන රැකියා ක්ෂේත්ර්රය කෙරෙහි ඉලක්ක පිරිස් යොමු කර ගත යුතු බව සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා දිස්ත්රික් සමිබන්ධීකරණ කමිටු සම සභාපති බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මේජර් සුදර්ශණ දෙණිපිටිය මැතිතුමා, රාජ්ය ඇමති තේනුක විදානගමගේ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා, අරවින්ද් කුමාර් මැතිතුමා ඇතුළු දේශපාලන නායකයින්, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ එම්.කේ.ටියුෂන් මහතා ඇතුළු සීමිත රාජ්ය නිලධාරින් පිරිසක් සහභාගි වූ අතර අනෙකුත් නිලධාරීන් සහ පාර්ශවයන් මාර්ග ගත ක්රමවේදය ඔස්සේ සහභාගී වූහ.
பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம் மாவட்டச் செயலாளர் காரியாலயத்தில் நடைபெற்றது.
இதன்போது, தற்பொழுது மாவட்டத்தில் முன்னெடுக்கப்பட்டுள்ள அபிவிருத்தி திட்டங்களின் தற்போதைய முன்னேற்றம் மற்றும் அவற்றை நடைமுறைப்படுத்தும் போது முகங்கொடுக்க நேரும் பிரச்சினைகள், அத்துடன் எதிர்காலத்தில் முன்னெடுக்கத் திட்டமிடப்பட்டுள்ள அபிவிருத்தி வேலைத்திட்டங்கள் தொடர்பில் விரிவாக் கலந்தாலோசிக்கப்பட்டது.
மேலும் மாவட்டத்தினுள் சட்டவிரோதமான மண் தோண்டும் நடவாடிக்கைளை தடுக்கவும், அபிவிருத்தித் திட்டங்களை நடைமுறைப்படுத்தும் போது, தற்போதைய சந்தை நிலவரத்தைக் கருத்திற்கொண்டு உரியத் திட்டங்களுக்கு ஒதுக்கீடுகளை செய்யவும் கலந்துரையாடப்பட்டத்துடன், நவீன தொழிநுட்ப திட்டங்களின் ஊடாக மாவட்டத்தின் வறுமை நிலைமையைப் போக்கி, நவீன வேலைவாய்ப்பு துறை தொடர்பில் மக்களுக்குப் பரிந்துரைகளை வழங்குவது தொடர்பிலும் கலந்துரையாடப்பட்டது.
இந்த கலந்துரையாடலில் பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுவின் இணைத் தலைவர் பாராளுமன்ற உறுப்பினர் மேஜர் சுதர்ஷன டேனிபிடி, இராஜாங்க அமைச்சர் தேனுக விதானகமகே, பாராளுமன்ற உறுப்பினர்களான சாமர சம்பத் தசநாயக, அரவிந்த குமார் உள்ளிட்ட அரசியல் தலைமைகள், பதுளை மாவட்டச் செயலாளர் தமயந்தி பரணகம, மாவட்ட திட்டமிடல் பணிப்பாளர் எம்.கே. டியூஷன் உள்ளிட்ட அரச அதிகாரிகள் கலந்துகொண்டனர்.