බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී දිස්ත්රික්කය තුළ මේ වන විට ක්රියාත්මක සංවර්ධන ව්යාපෘතිවල වර්තමාන ප්රගතිය සහ ඒවා ක්රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගැනුණු සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී ක්රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග ව්යාපෘතිය සහ i road ව්යාපෘතියෙහි ප්රගතිය, ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූ ඉඩම් වල අනවසර පදිංචිකරුවන් ලෙස කලක් ජීවත් වන අයවලුන් හට ඔප්පු ලබා දීමේ ක්රමවේදයක් සහ මේ වනවිටත් ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉඩම් සදහා මුදල් ගෙවූ අයවලුන් වෙත ඉතා ඉක්මනින් හිමිකම්පත් ලබාදීමට ඇති අවශ්යතාවය, අක්රීයව පවතින ප්රාදේශීය සංවර්ධන කමිටු සියල්ලම නැවත සක්රිය කිරීම, මේ වන විට ක්රියාත්මක ජල ව්යාපෘති වල ප්රගතිය, වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්කය පුරා කඳුකර ප්රදේශවල ගිනි තැබීම් සහ ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා ගතයුතු විශේෂ වැඩපිළිවෙල සම්බන්ධව විශේෂ අවධානය යොමු වූ අතර ඒ සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය ගරු තේනුක විදානගමගේ මැතිතුමා , දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති, බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු (මේජර්) සුදර්ශණ දෙණිපිටිය මැතිතුමා , පාර්ලිමේන්තු මන්ත්රීන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා , ඩිලාන් පෙරේරා මැතිතුමා , අරවින්ද කුමාර් මැතිතුමා සහ බදුල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන සභාපතිවරුන්, නගරාධිපතිවරුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජයරත්න මහතා, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරින්, බදුල්ල නියෝජ්ය පොලිස් අධිකාරිතුමන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம் பதுளை மாவட்டச் செயலகத்தில் நடைபெற்றது.
இதன்போது மாவட்டத்தில் தற்பொழுது முன்னெடுக்கப்பட்டுள்ள அபிவிருத்தி வேலைத்திட்டங்களின் முன்னேற்றம், அவற்றை நடைமுறைப்படுத்தும் போது முகங்கொடுக்கும் பிரச்சினைகள், கடந்த அபிவிருத்திக் குழு கூட்டத்தில் கலந்தாலோசிக்கப்பட்ட அபிவிருத்தி யோசனைகள் மற்றும் எதிர்காலத்தில் முன்னெடுக்கத் திட்டமிடப்பட்டுள்ள வேலைத்திட்டங்கள் தொடர்பில் விரிவாக்கக் கலந்துரையாடப்பட்டது.
ஒரு இலட்சம் கி.மீ. பாதை அபிவிருத்தி மற்றும் i road வேலைத்திட்டத்தின் முன்னேற்றங்கள், காணி மறுசீரமைப்பு ஆணைக்குழுவிற்குச் சொந்தமான காணிகளில் சட்டவிரோத குடியிருப்பாளர்களாகப் பல வருடங்களாகக் குடியிருப்பவர்களுக்குப் பத்திரங்களை வழங்கும் பொறிமுறை மற்றும் காணி மறுசீரமைப்பு ஆணைக்குழுவிற்கு ஏற்கனவே பணம் செலுத்தியவர்களுக்கு உரிமைப் பத்திரங்களை விரைவாக வழங்கவேண்டிய தேவை, செயலிழந்துள்ள அனைத்து பிராந்திய அபிவிருத்திக் குழுக்களையும் மீண்டும் செயல்படுத்துதல், நடைமுறைப்படுத்தப்பட்டுள்ள நீர் திட்டங்களின் முன்னேற்றங்கள், வறட்சியான நிலைமை காரணமாக மலைப் பகுதிகளில் தீ வைத்தல் மற்றும் இயற்கை தீ பரவல்களைக் கட்டுப்படுத்த முன்னெடுக்கவேண்டிய சிறப்பு நடவடிக்கைகள் தொடர்பில் விசேட கவனம் செலுத்தப்பட்ட அதேவேளைச் சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு ஆலோசனைகளும் வழங்கப்பட்டன.
இந்த கலந்துரையாடலில் இராஜாங்க அமைச்சர் தேனுக விதானகமகே, பாராளுமன்ற உறுப்பினர்களான மேஜர் சுதர்ஷன தெனிபிடிய, சாமர சம்பத் தசனாயக, டிலான் பெரேரா, ஏ. அரவிந்த குமார் மற்றும் பதுளை அரசியல் தலைவர்கள், ஊவா மாகாண பிரதான செயலாளர் P.B. விஜயரத்ன, பதுளை மாவட்டச் செயலாளர் தமயந்தி பரணகம உள்ளிட்ட அதிகாரிகள் கலந்துகொண்டனர்.