බදුල්ල දිස්ත්රික් කෝවිඩ් අධ්යාපන කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී
මෙහිදී කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් අධ්යාපන ක්රියාවලියට ඇති වී තිබෙන බලපෑම, එම අභියෝගයට මුහුණදීම සහ ඉදිරියට යෑම පිළිබඳව සාකච්ඡා කෙරුණි.
එමෙන්ම ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් අධ්යාපන වැඩසටහන් වඩාත් ඵලදායී ලෙස පැවැත්වීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු විය.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය ඇතුළු අධ්යාපන අංශවල නිලධාරීන් එක්ව සිටියහ.