කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ශ්රී ලංකාවේ ක්රියාත්මක කරන ලද එන්නත්කරණ වැඩසටහන සඳහා, 2022 ජනවාරි මස 29 වන දිනට එනම් අද දිනට වසරක් සපිරීම වෙනුවෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් පවත්වනු ලබන එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව පවත්වන ලද, ‘බදුල්ල දිස්ත්රික් එන්නත්කරණ සැමරුම් උත්සවය’ අද (29) පෙරවරුවේ බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැත්වූ මෙම සැමරුම් උත්සවය, ආශිර්වාද පහන් දල්වමින් ආරම්භ කරන ලදි.
රටක් ලෙස ශ්රී ලංකාව එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව ක්රියාවට නංවා තිබෙන පසුබිමක බදුල්ල දිස්ත්රික්කය තුළ එන්නත්කරණ ක්රියාවලිය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සියළු පාර්ශව ඇගයීම මෙහිදී සිදු විය. විශේෂයෙන්ම සෞඛ්යය අංශවල නිලධාරීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්, බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්රාදේශීය පරිපාලනය, ඌව පළාත් සභාව ඇතුළු රාජ්ය ආයතන සහ නිලධාරීන්ගේ සුවිශේෂී කැපවීම මෙහිදී ප්රසංශාවට ලක් කෙරිණි.
එමෙන්ම දිස්ත්රික්කයක් ලෙස එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමේදී සහය දැක්වූ සියළු පාර්ශවයන් මෙන්ම දිස්ත්රික්කයේ ජනතාවටද කෘතවේදීව සිහිපත් කරන ලදි.
සෞඛ්යය අංශ වාර්තාවන්ට අනුව ගෙවී ගිය වසරක කාලය තුළ බදුල්ල දිස්ත්රික්කය තුළ, පළමු මාත්රාව, දෙවන මාත්රාව සහ තෙවන මාත්රාව (බූස්ටර් මාත්රාව) ලෙස ලබා දී ඇති සමස්ත එන්නත් මාත්රාවන් ගණන 1 337 239 කි. ඒ අනුව පළමු මාත්රාව ලෙස එන්නත් 634 274 ක්, දෙවන මාත්රාව ලෙස එන්නත් 517 338 ක් සහ තෙවන මාත්රාව ලෙස එන්නත් 185 627 ක් ලබා දී තිබේ.
මෙම උත්සවය සඳහා සර්ව ආගමික නායකයින්, බදුල්ල නගරාධිපති ප්රියන්ත අමරසිරි මැතිතුමා, ඌව පළාත් සෞඛ්යය ලේකම් දයානන්ද රත්නායක මහතා, බදුල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත් මහතා, ඌව පළාත් සෞඛ්යය සේවා අධ්යක්ෂ වෛද්ය ජනිතා තෙන්නකෝන් මහත්මිය, බදුල්ල දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය හේමන්ත සිල්වා මහතා ඇතුළු සෞඛ්ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
கோவிட்-19 வைரஸ் தொற்றைக் கட்டுப்படுத்துவதற்காக இலங்கையில் ஆரம்பிக்கப்பட்ட தடுப்பூசி வழங்கும் வேலைத்திட்டம் 2022 ஜனவரி 29ஆம் திகதி, அதாவது இன்றுடன் ஒருவருடம் பூர்த்தியாவதை முன்னிட்டு சுகாதார அமைச்சினால் ஏற்பாடு செய்யப்பட்ட தேசிய தடுப்பூசி நிகழ்ச்சித் திட்டத்துடன் இணைந்ததாக பதுளையில் ஏற்பாடு செய்யப்பட்ட நிகழ்வு இன்று காலை பதுளை மாவட்டச் செயலகத்தில் நடைபெற்றது.
சர்வமத வழிபாடுகளுக்கும் முன்னுரிமை வழங்கி ஆசீர்வாத தீபம் ஏற்றி நிகழ்வு ஆரம்பிக்கப்பட்டது.
நாடு என்ற வகையில் இலங்கையில் தடுப்பூசி வழங்கும் வேலைத்திட்டம் வெற்றிகரமாக முன்னெடுக்கப்பட்டுள்ள இந்த சந்தர்ப்பத்தில், பதுளை மாவட்டத்தில் தடுப்பூசி வழங்கும் வேலைத்திட்டத்தை வெற்றிகரமாக முன்னெடுக்கப் பங்களிப்புக்களை வழங்கி அனைத்து தப்பினாரும் இதன்போது கௌரவத்துடன் நினைவுகூரப்பட்டனர்.
அத்துடன் மாவட்டம் என்ற ரீதியில் தடுப்பூசி வழங்கும் வேலைத்திட்டத்திற்குப் பூரண ஒத்துழைப்பை வழங்கி பொதுமக்களுக்கும் இதன்போது நன்றி பூர்வமாக நினைவுகூரப்பட்டனர்.
சுகாதாரத் திணைக்களத்தின் தரவுகளின் அடிப்படையில், கடந்த வருடத்தில் பதுளை மாவட்டத்தில் செலுத்தப்பட்ட முதல், இரண்டாம் மற்றும் மூன்றாம் டோஸ் (பூஸ்டர் டோஸ்) தடுப்பூசிகளின் மொத்த எண்ணிக்கை 1,337,239 ஆகும். அதன்படி முதல் டோஸாக 634,274 ஊசிகளும், இரண்டாவது டோஸாக 517,338 ஊசிகளும், மூன்றாவது டோஸாக 185,627 ஊசிகளும் வழங்கப்பட்டுள்ளன.
இந்த நிகழ்வில் சர்வமதத் தலைவர்கள், பதுளை நகர மேயர் பிரியந்த அமரசிறி, ஊவா மாகாண சுகாதார செயலாளர் தயானந்த ரத்நாயக்க, பதுளை மேலதிக மாவட்டச் செயலாளர் டபிள்யூ.எம்.ஆர்.ரஞ்சித், ஊவா மாகாண சுகாதார சேவைகள் பணிப்பாளர் டொக்டர் ஜனிதா தென்னகோன், பதுளை மாவட்ட மருத்துவ சேவைகள் பணிப்பாளர் ஹேமந்த சில்வா மற்றும் சுகாதார அதிகாரிகள், பாதுகாப்பு உத்தியோகஸ்தர்கள். மற்றும் அரசு அதிகாரிகள் கலந்துகொண்டனர்.