May be an image of 1 person, sitting, standing and indoor
බදුල්ල දිස්ත්රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් අද දින බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී සිංහල හා දෙමළ මාධ්යයෙන් අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ලබා ගත් පාසල් 46ක සිසුන් 303ක් ට ශිෂ්යාධාර එක් සිසුවෙකුට රු.10,000.00 බැගින් විෂයානුබද්ධ කාර්යක්ෂමතාව අනුව වසර දෙකකදී රු.20,000.00 ක් ලබාදීමට නියමිතය.
එම සිසුන් අතරින් සිසුන් 25 දෙනෙකු සඳහා අද දින සංකේතාත්මකව ශිෂ්යාධාර ලබාදීම සිදු කරනු ලැබීය.
එමෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගයේ දිස්ත්රික් කුසලතාවයේ අනුපිළිවෙල මත විෂයධාරා මට්ටමින් නව සහ පැරණි නිර්දේශ යටතේ විශ්ව විද්යාල සුදුසුකම් ලැබූ පළමු සිසුන් පස් දෙනාට, සිංහල හා දෙමළ මාධ්යයෙන් විෂය ධාරාවන් හයකින් සිසුන් 60 දෙනකු සඳහා ශිෂ්යාධාර ලබා දීමට නියමිතය.
මේ අතරින් අද දින සිසුන් 30ක් සඳහා සංකේතාත්මකව ශිෂ්යාධාර ලබාදීම සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, ග්රාමීය හා පාසල් ක්රීඩා යටිතල පහසුකම් ප්රවර්ධන රාජ්ය අමාත්ය ගරු තේනුක විදානගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, ගරු චාමර සම්පත් දසනායක මහතා, ගරු ඒ.අරවින්ද කුමාර් මහතා, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.
2019 ஆம் ஆண்டு நடைபெற்ற க.பொ.த. சா/த மற்றும் க.பொ.த. உ/த பரீட்சைகளில் சிறப்பு சித்திபெற்ற பதுளை மாவட்ட மாணவர்களுக்கான புலமைப்பரிசில் வழங்கும் நிகழ்வு இன்றைய தினம் பதுளை மாவட்டச் செயலகத்தில் நடைபெற்றது.
இதன்போது சிங்கள மற்றும் தமிழ் மொழிமூலம் க.பொ.த. சாதாரண தரப் பரீட்சையில் 9A சித்திபெற்ற 46 பாடசாலைகளைச் சேர்ந்த 303 மாணவர்களுக்கு ஒரு வருடத்திற்கு ரூபாய். 10,000.00 வீதம் இரண்டு வருடங்களுக்கு ரூபாய். 20,000.00 வழங்கப்படவுள்ளது.
இதற்கமைய இன்றைய தினம் 25 மாணவர்களுக்கு புலமைப்பரிசில்கள் வழங்கிவைக்கப்பட்டது.
அதேவேளை க.பொ.த. உயர்தரப் பரீட்சையில் பிரிவு வாரியாக மாவட்ட தகுதியின் அடிப்படையில் புதிய மற்றும் பழைய பரிந்துரைகளின் கீழ் பல்கலைக்கழகத்திற்குத் தெரிவு செய்யப்பட்ட முதல் ஐந்து மாணவர்கள், சிங்கள மற்றும் தமிழ் மொழி ஆறு பிரிவுகளிலும் மாணவர்கள் 60 பேருக்கு புலமைப்பரிசில் வழங்கப்படவுள்ளது. அதில் 30 மாணவர்களுக்கு இன்றைய தினம் புலமைப்பரிசில்கள் வழங்கிவைக்கப்பட்டது.
இந்த நிகழ்வில் தொழில் அமைச்சர் நிமல் சிறிபால த சில்வா, கிராமிய மற்றும் பாடசாலை விளையாட்டு உட்கட்டமைப்பு வசதிகள் மேம்பாட்டு இராஜாங்க அமைச்சர் தேனுக விதானகமகே, பாராளுமன்ற உறுப்பினர்களான மேஜர் சுதர்ஷன தெனிபிடிய, சாமர சம்பத் தசனாயக, ஏ. அரவிந்த குமார், ஊவா மாகாண பிரதான செயலாளர் P.B. விஜயரத்ன, பதுளை மாவட்டச் செயலாளர் தமயந்தி பரணகம, மாகாண கல்வி அமைச்சின் செயலாளர் சந்தியா அபன்வெல உள்ளிட்ட அதிகாரிகள் கலந்துகொண்டனர்.