බදුල්ල දිස්ත්රික්කයේ කුණු කසළ කළමනාකරණය විදිමත්ව සිදුකරගෙන යාම පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
බදුල්ල මහ නගර සභාව සමග පැවැති මෙම සාකච්ඡාවේදී, භූගත කුණු කසළ කළමනාකරණය මගින් කසල භූමිය උද්යානයක් ලෙස සංවර්ධනය කිරීමට හා කොම්පෝස්ට් නිශ්පාදනය මගින් කාබනික පොහොර අවශ්යතාව සපුරා ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වීය.
මෙම සාකච්ඡාව සඳහා ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය, පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා, බදුල්ල නාගරික කොමසාරිස් ඒ.ඒ. ලක්මිණි අමරසේකර මහත්මිය, නාගරික ඉංජිනේරු එස්.වී.එම්.එස්.ඩී. සේරසිංහ මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
May be an image of 1 person, sitting, standing and indoor