බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අ. අරවින්ද් කුමාර් මැතිතුමා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී.ප්‍රියන්ති මහත්මිය, පළාත් අධ්‍යාපන ලේකම් එච්.එම්. නන්දසේන මහතා ඇතුළු පළාත් අධ්‍යාපන අංශයේ ප්‍රධානීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.
பதுளை மாவட்டத்தின் கல்வித் தரத்தை மேம்படுத்துவதற்கான விசேட வேலைத்திட்டம் கௌரவ கல்வி அமைச்சர் கலாநிதி சுசில் பிரேமஜயந்த தலைமையில் சைமன் பீரிஸ் மாநாட்டு மண்டபத்தில் நடைபெற்றது.
இந்த நிகழ்வில் துறைமுகங்கள், கப்பற்றுறை மற்றும் விமான சேவைகள் அமைச்சர் நிமல் சிறிபால த சில்வா, கல்வி இராஜாங்க அமைச்சர் அ. அரவிந்த் குமார், நகர அபிவிருத்தி மற்றும் வீடமைப்பு இராஜாங்க அமைச்சர் தேனுக விதானகமகே, ஆரம்பக் கைத்தொழில் இராஜாங்க சாமர சம்பத் தசனாயக, பாராளுமன்ற உறுப்பினர் மேஜர் சுதர்ஷன தெனிபிடிய, ஊவா மாகாண பிரதான செயலாளர் தமயந்தி பரணகம, ஆளுநரின் செயலாளர் ஆர்.எச்.சி.பிரியந்தி, ஊவா மாகாண கல்வி அமைச்சின் செயலாளர் எச்.எம்.எம். நந்தசேன உள்ளிட்ட கல்வி அமைச்சின் அதிகாரிகள், அதிபர்கள் கலந்துகொண்டனர்.