බදුල්ල දිස්ත්රික්කයේ අධ්යාපන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් අධ්යාපන අමාත්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ පළාත් සභා ශ්රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී දිස්ත්රික්කයේ පාසල් වල ඇති ගුරු හා විදුහල්පති ගැටළු, සිංහල හා ද්රවිඩ පාසල් වල ගුරු පුරප්පාඩු, හුදකලා පාසල් වැසීයාම, යටිතල පහසුකම් සංවර්ධනය වැනි ගැටළු හා පෙර පාසල් ගැටළු, ඝෘජුවම අමාත්යතුමන් හා නිලධාරින් වෙත වෙත ඉදිරිපත් කිරීම සිදුවිය.
රේඛීය අධ්යාපන අමාත්යාංශයේ නිලධාරින්, පළාත් අධ්යාපන අමාත්යාංශයේ නිලධාරින් සියළුදෙනාම එකට සිට මෙම ගැටළු විසදීම සිදුකරන ලදී.
පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය ඇතුළු නිලධාරින් විසින් සංවිධානය කළ මෙම සාකච්ඡාවට පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, කම්කරු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්ය අමාත්ය පියල් නිශාන්ත, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක ඇතුළු දේශපාලඥයින් පිරිසක් හා වෙල්ලස්ස විශ්ව විද්යාලයේ උපකුලපති, ඌව විද්යාපීඨයේ පීඨාධිපති, රේඛීය අධ්යාපන අමාත්යාංශයේ නිලධාරින්, පළාත් අධ්යාපන අමාත්යාංශයේ නිලධාරින්, විදුහල්පතිවරු ඇතුළු විශාල පිරිසක් එක්විය.