බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී මේ වන විට දිස්ත්රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳවත් පශ්චාත් ආපදා තත්වය තුල ක්රියාත්මක වීම හා ජන ජීවිත යථා තත්වයට පත් කර ගැනීම පිලිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. නාය යාමට ලක් වූ මීරියබැද්ද නව නිවාස සඳහා විදුලිය ලබා දීම, කැලිපනාවල ජනතාවට ඉඩම් නිදහස් කර දීම මෙන්ම පසුගිය දිනවල ආපදා තත්වයන් තුල විනාශ වූ මහා මාර්ග, නිවාස දේපළ හා පාසැල් ආදීයේ හානිය ගණනය කරීම මේ වන විටත් සිදු වෙමින් පවතින අතර එහි සියලුම කටයුතු දිස්ත්රික් ලේකම් අධීක්ෂණය යටතේ ආපදා කළමණාකරන මධ්යස්ථානය මගින් සිදු කරන බව බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මැතිතුමා විසින් දන්වන ලදී.
මහියංගන රෝහල සෞඛ්ය අමාත්යංශය වෙත පවරා දීමට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව මගින් තීරණය කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කඩිනමින් ක්රියාත්මක කරීමට සාකච්ඡා විය.
අතරමඟ නවතා දමා තිබු I ROAD මාර්ග ව්යාපෘතීන් යටතේ දෙමෝදර ස්ප්රීංවැලි, හාලිඇල, කොස්ලන්ද හපුතලේ හා වැලිමඩ ඌව පරණගම යන මාර්ගවල ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දන්වන ලද අතර මහියංගනය දිවුලපැලැස්ස වන අලි වැට ප්රතිස්ථාපන කටයුතු ආරම්භ කර ඇති අතර එය ඉදිරි මාසය තුල අවසන් කරන බවද ප්රකාශ කෙරිණි.
දිස්ත්රික්කයේ පවතින තවත් බොහෝ ගැටළු යෝජනා පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ ඒ ආයතන දැනුවත් කිරීමට හා කඩිනම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට ක්රියාත්මක කිරීමත් අත්යවශ්ය බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කැබිනට් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, රාජ්ය අමාත්යවරුන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා, තේනුක විදානගමගේ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අරවින්ද කුමාර් හා වඩිවේල් සුරේෂ් මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය, බදුල්ල දිස්ත්රික් අතිරේක ලේකම්වරුන් වන නිමේෂා ප්රියංගි වනසිංහ මහත්මිය හා නිලන්ති සමරවික්රම මහත්මිය, ඌව පළාත් අතිරේක ලේකම් ඩබ්.එම්.ආර්. රංජිත් මහතා, දිස්ත්රික් අධ්යක්ෂ (සැලසුම්)කේ. එස්. බී සේනානායක මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්ය ආයතන බොහෝ ප්රමාණයක ආයතන ප්රධානීන් සම්බන්ධ වූහ.