බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පසුගිය (16) දින පැවැත්විණි.
මේ වන විට දිස්ත්රික්කය තුළ ක්රියාත්මක වන සංවර්ධන ව්යාපෘතින්වල වර්තමාන ප්රගතිය හා ඒවා ක්රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන ලදී.
ඒ යටතේ මීරියබැද්ද නාය යාමෙන් අවතැන් වූ පවුල්වල නිවාස සඳහා විදුලිය ලබාදීමේ කටයුතු හා අයි රෝඩ් ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්යතාවය පිළිබඳවත් සාකච්ඡා කෙරිණ, එමෙන්ම හපුතලේ මාගිරිපුර පවුල් හතළිහක් සඳහා ඔප්පු ලබාදීමට ඇති ගැටළු විසදා ඒවා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන ලෙස හපුතලේ ප්රාදේශීය ලේකම් වෙත උපදෙස් ලබාදෙන ලදි.
ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්රියාත්මක “කඳුකර දශකය 2024 – 2023” ආර්ථික වැඩසටහනට සමගාමීව දශවිධ විශේෂ ග්රාමීය සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්රික් මට්ටමින් ක්රියාත්මක කෙරෙන වැඩසටහන පිළිබඳව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා විසින් දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කිරීමද මෙහිදී සිදුකරන ලදී. එහිදී ජූලි මස 31 වන දිනට අවසන් කළ හැකි ව්යාපෘති සඳහා පමණක් මෙම මුදල් යොදාගන්නා ලෙසත් එක් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයකට රුපියල් ලක්ෂ දහසක මුදලක් ලබාදෙන බවත් ඒ යටතේ බදුල්ල දිස්ත්රික්කයේ වසම් 567න් වසම් 544කට ප්රතිපාදන ලැබෙන බවත් අමාත්යතුමා මෙහිදී සදහන් කළේය. මේ යටතේ බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි වැඩසටහන ක්රියාත්මක කිරීම නියමිත බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්රවාහන, මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැ පෙන්වා දුන්නේ බදුල්ල දිස්ත්රික්කය තුළ බොහෝ මාර්ග ප්රමාණයක් පිළිසකර කිරීමට තිබෙන බවත් ග්රාමීය මාර්ග සංවර්ධනය සඳහා ප්රමුඛතාවය ලබාදෙමින් දිස්ත්රික්කය තුළ ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ක්රියාත්මක ප්රවාහන සේවා ආශ්රිත ගැටලු හා අවශ්යතා පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.
එමෙන්ම වගා නොකළ රජයේ ඉඩම් දිගු කාලීන බදු පදනමට ලබා දීමටත්, බදුල්ල දිස්ත්රික්කය කේන්ද්ර කරගනිමින් දුම්රිය සේවා වාර ගණන වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
උමා ඔය බහු කාර්ය ව්යාපෘතියේ වත්මන් ප්රගතිය, ආපදා අවදානම් හේතුවෙන් සිදු කරන නැවත පදිංචි කිරීමේ ප්රගතිය, සංවර්ධන කටයුතුවලදී ගතයුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙම අවස්ථාවට අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා , රාජ්ය අමාත්යවරුන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා , තේනුක විදානගමගේ මැතිතුමා හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මැතිතුමා , තිස්ස කුට්ටිආරච්චි මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය, බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා , නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශ ලේකම් එම්.එස් සත්යානන්ද මහතා , ඌව පළාත් නියෝජ්ය ප්රධාන ලේකම් (පාලන) ඩ්බ්.එම්.ආර් රංජිත් මහතා, ප්රාදේශීය ලේකම්වරුන්ඇතුළු රාජ්ය නිලධාරීන් හා ආයතන ප්රධානීන් රැසක් සහභාගී විය.