ථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ සැපයූ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, ශ්රී ලංකාවේ මෙන්ම ලෝකවාසී ක්රිස්තු භක්තිකයන් අතර බෙදිය නොහැකි සබැඳියාවන් වඩ වඩාත් තහවුරු කරන ප්රීතිදායක මංගල්යයක් වේ.
උන්වහන්සේ ලෝකයට දායාද කළ ප්රේමය, මානව ගරුත්වය සහ මනුෂ්යත්වය පෙරදැරි සමාජයකට නව අඩිතාලමක් කර ගනිමු. එය පීඩාවට පත් ජනතාව ඉන් මුදා, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ දර්ශනය මත වූ සැබෑ කාලීන අවශ්යතාවයක් වනු ඇත.
සතුට සහජීවනය මිත්රත්වය සියලු දෙනා තුළම පැන නැගෙනවා නම්, මේ ලෝකය මීට වඩා සුන්දර එකක් වනු ඇත. අද අප ඉදිරියේ දක්නට ලැබෙන විවිධ ප්රශ්නවලට, ගැටලුවලට හේතු වී ඇත්තේ සැබෑ ආගමික දර්ශනයේ හරය පිළිබඳ අවනත නොවී බාහිරින් පමණක් එය අනුමත කිරීමය.
සාමය, සමාදානය හා සමානාත්මතාවය යන අපූර්ව පාඩම් මත පිහිටා අන්යයන්ට පිහිටවෙමින් නත්තල අර්ථාන්විතව ගත කිරීමටත් හදවත් දුකට පත් කරවන නපුරු සිතිවිලි තුරන් කිරීමටත්, නත්තලේ සැබෑ හරයන් ළඟා කර ගනිමින් ප්රේමණීය පුරවැසියකු ලෙස ජීවිතය සකස් කර ගැනීම උදෙසා නත්තල් දිනය දෙන රුකුල අතිමහත්ය.
ශ්රී ලාංකීය මෙන්ම සකළ ලෝකවාසී කිතුනු බැතිමතුන්ට අසිරිමත් නත්තල් දිනයක් ප්රාර්ථනා කරමි!
ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර
25-12-2023