සුබ තෛපොංගල් දිනයක් වේවා…!
இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…!
Happy Thai Pongal Day…!
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හව්හරණ සපයන සූර්යයා හට කෘතගුණ සැලකිම මුල් අරමුණු කරගනිමින් සූර්ය නමස්කාරය කරනු ලබන්නේ අද දින හින්දු බැතිමතුන් ආගමික හා සංස්කෘතික උරුමයන්ට මුල්තැන දෙමින් උත්සවශරීයෙන් සමරනු ලබයි. එසේ මෙම උත්සවය සමරන ලෝකවාසී හා ශරීලාංකීය හින්දුභක්තිකයන් හට තෛපොංගල් දින සුභ පැතුම් එක් කිරීමට අවස්ථාව ලැබිම පිළිබඳව මා ඉමහත් ලෙස සතුට පත්වෙමි.
කෘෂිකර්මාන්තය තම ජීනනෝපාය කරගත් ජනතාව අද දින කිරි උතුරවා, පොංගල් බත සකසා, සූර්ය නමස්කාර කරමින් තම ජීවනෝපාය මාර්ගයන්ට පිටිවහලක් වන ස්වභාව ධර්මයට කෘතගුණ සැලකීමේ දිනයක් ලෙස තෛපොංගල් දිනය සමරයි. ස්වභාව ධර්මයේ අමිල වටිනාකමට ගරු කරමින් චාරිතර වාරිතරවලට මුල්තැන දෙමින් සියලූ ආගමිකයන්ගේ මනුෂ්යත්වය අගයමින්, එක්සිත්ව, එක්සත්ව කටයුතු කිරීමේ සද්කරියාවන්හි ආදීනව තෛපොංගල් දිනය සනිටුහන් කරයි.
රී ලංකාවාසි අප ජාති, කුල, ආගම් ලෙස පරස්පරතාවයන් පැවතියද අප සියලූ දෙනාගේ අනාගත බලාපොරොත්තු සියල්ල එක හා සමානය. විවිධ වූ පරශ්න හා අභියෝග හමුවේ රට ගොඩනැගිය යුතුය යන යහපත් හා ඒකායන අපේක්ෂාවන් පෙරදැරිව මානව සංහතියේ දියුණුව වෙත යන මාවතේ ගමන් අරඹා ඇති මේ මොහොතේ ඔබ සැමගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවශ්ය ශක්තිය, ධෛර්ය ලැබි, සියලූම ජනතාව වෙත සෞභාග්ය, සාමය, සාමදානය, සතුට උදාවේවායි පරාර්ථනා කරමි.
ඔබ සියලූ දෙනාට මාගේ උණුසුම් තෛපොංගල් සුභ පැතුම්…!
ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර
15-01-2023