ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය 2023.03.29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වනු ලැබීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්රීපාල සිරිසේන යන මහත්වරුන් සහභාගී වූ අතර අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරාධිතයින් පිළිගන්නා ලදී
.
ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ ඉතිහාසඥ කළා ශාස්ත්රීය විශාරද සහ ජාත්යන්තර චිත්රපට සම්මානලාභී ආචාර්ය සිංහරාජ තම්මිට දෙල්ගොඩ යන මහත්වරු විසින් ගුණ සමරු උත්සවයේ ප්රධාන දේශන සිදු කරනු ලැබීය.
ශ්රී කල්යාණි පාර්ශවයේ මහා නායක නවගමුව රජමහා විහාරාධීපති මල්වානේ පඤ්ඤාසාර මහා නා හිමි, කොළඹ විශ්ව විද්යාලයේ කුලපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමි, බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්ය බෙල්ලන්විල ධම්මරතන හිමි ප්රමුඛ මහා සංඝරත්නය, අන්යාගමික පූජකවරු, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්රා වන්නිආරච්චි, රාජ්ය අමාත්යවරුන් වන ජානක වක්කුඹුර, ගීතා කුමාරසිංහ, ඩී. බී හේරත්, අනූප පැස්කුවල් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක, රවුෆ් හකීම්, එස්. එම් චන්ද්රසේන, කුමාර වෙල්ගම, ඩලස් අලහපෙරුම, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉමිතියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග, යදාමිණී ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරු ද තානාපතිවරු, ආණ්ඩුකාරවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.