ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්රියාත්මක කෙරුණු අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනෙහි මොනරාගල දිස්ත්රික් ප්රගතිය පිළිබඳ සොයා බැලෙන විශේෂ දිස්ත්රික් ප්රගති සමාලෝචන රැස්වීම ගරු අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් ඊයේ දින මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මෙහිදී ස්වදේශ කටයුතු, පළාත් හා පළාත් පාලන ලේකම් කේ.ඩී.එන්.රංජිත් අශෝක මහතා විසින් මෙම වැඩසටහන පිළිබඳව අරමුණ පැහැදිලි කිරීම සිදු කල අතර මොනරාගල දිස්ත්රික් ලේකම් ආර්.එම්.පසන්.එස්.බී රත්නායක මහතා විසින් මොනරාගල දිස්ත්රික්කය පිළිබඳව මූලික හැඳින්වීමක් සහ “අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහන මොනරාගල දිස්ත්රික්කය තුළ ක්රියාත්මක වූ ආකාරයත් එම වැඩසටහනෙහි අරමුණු කරා ළඟා වූ ආකාරය මෙන්ම ප්රගතිය පිළිබඳව ද සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු ගරු සමසභාපති හා පාර්ලිමේන්තු මන්ත්රී කුමාරසිරි රත්නායක මැතිතුමා , පළාත් සභා හා පළාත් පාලන රාජ්ය ගරු අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා , ස්වදේශ කටයුතු රාජ්ය ගරු අමාත්ය අශෝක ප්රියන්ත යන මැති ඇමැති වරුන් ද ජනාධිපති උපදේශක (ආහාර සුරක්ෂිතතා) ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ද මෙම වැඩසටහන තුළ අදහස් දක්වන ලදි.
තවදුරටත් මෙම ව්යාපෘතිය සිදුකරගෙන යාමේදී ඇතිවී තිබෙන ප්රායෝගික ගැටලු මෙන්ම ඒවාට විසඳුම් සොයන ආකාරය පිළිබඳව ද අග්රාමාත්යතුමන් පැමිණ සිටින නිලධාරීන් පිරිස සමගින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී.
ඉන් අනතුරුව, අග්රාමාත්යතුමන් විසින් පැමිණ සිටි පිරිස ආමන්ත්රණය කළ අතර මොණරාගල දිස්ත්රික්කය යනු සුවිශේෂී දිස්ත්රික්කයක් බවත් මෙම වැඩසටහන සාර්ථක ලෙස ක්රියාත්මක කිරීමෙන් දිස්ත්රික්කයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට හැකි බවත් ප්රකාශ කරන ලද අතර මෙම වැඩසටහන තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්ය උපදෙස් ලබාදෙමින් වැඩසටහන සමාප්තියට පත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු ගරු සමසභාපති පාර්ලිමේන්තු ගරු මන්ත්රී කුමාරසිරි රත්නායක මැතිතුමා , පළාත් සභා හා පළාත් පාලන රාජ්ය ගරු අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා , ස්වදේශ කටයුතු රාජ්ය ගරු අමාත්ය අශෝක ප්රියන්ත මැතිතුමා , පිරිවෙන් අධ්යාපන රාජ්ය ගරු අමාත්ය විජිත බේරුගොඩ මැතිතුමා , වාරිමාර්ග රාජ්ය ගරු අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මැතිතුමා , මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු ගරු මන්ත්රී ධර්මසේන විජේසිංහ යන මැති ඇමැති වරුන් ඇතුළු දේශපාලන අධිකාරිත්වය ද, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් හා පළාත් පාලන ලේකම් කේ.ඩී.එන්.රංජිත් අශෝක මහතා , ජනාධිපති උපදේශක (ආහාර සුරක්ෂිතතා) ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා , ඌව පළාත් සභාවේ ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය යන මහත්ම මහත්මීන් ද, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී.ප්රියන්ති මහත්මිය, අමාත්යාංශ අතිරේක ලේකම්වරුන්, මොනරාගල දිස්ත්රික් ලේකම් ආර්.එම්.පසන්.එස්.බී රත්නායක මහතා, අතිරේක දිස්ත්රික් ලේකම්වරුන්, මොනරාගල දිස්ත්රික් ජේෂ්ඨ පොලිස් අධිකාරි, අධ්යක්ෂක (ක්රම සම්පාදන) යූ.එච් උපුල් මහතා ඇතුළු මොනරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සහ අනෙකුත් රාජ්ය ආයතන වල නිලධාරීන් පිරිසක් සහභාගි විය.
கௌரவ பிரதமர் திரு.தினேஷ் குணவர்தன அவர்களின் எண்ணக்கருவுக்கு அமைய நடைமுறைப்படுத்தப்பட்டுவரும் “புதிய கிராமம் புதிய நாடு” தேசிய ஒருங்கிணைந்த பங்குபற்றல் வேலைத் திட்டத்தின் மொனராகலை மாவட்டத்தின் தற்போதைய நிலவரம் தொடர்பில் ஆராயும் விசேட மாவட்ட முன்னேற்ற ஆய்வுக் கூட்டம் கௌரவ பிரதமர் தினேஷ் குணவர்தன தலைமையில் மொனராகலை மாவட்ட செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.
இதன் போது உள்நாட்டலுவல்கள், மாகாண மற்றும் உள்ளூராட்சி அமைச்சின் செயலாளர் கே.டி.என்.ரஞ்சித் அசோகா இந்த நிகழ்ச்சியின் நோக்கம் குறித்து விளக்கினார். மொனராகலை மாவட்டம், செயலாளர் ஆர்.எம்.பசன்.எஸ்.ரத்நாயக்க மொனராகலை மாவட்டத்தின் அடிப்படை அடையாளம் மற்றும் “புதிய கிராமம் புதிய நாடு” தேசிய ஒருங்கிணைந்த பங்குபற்றல் வேலைத் திட்டம் மொனராகலை மாவட்டத் திட்டத்தில் நடைமுறைப்படுத்தப்பட்ட முறை, அந்தத் திட்டத்தில் உள்ள இலக்குகளை அடைவதற்கான வழிமுறைகள் பற்றிய விரிவான விபரங்களைத் தெளிவு படுத்தினார்.
இதன் மாவட்ட ஒருங்கிணைப்புக் குழு இணைத் தலைவர் பாராளுமன்ற உறுப்பினர் குமாரசிறி ரத்நாயக்க, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி இராஜாங்க அமைச்சர் ஜானக வக்கும்புர, உள்நாட்டலுவல்கள் இராஜாங்க அமைச்சர் அசோக்க பிரியந்த மற்றும் ஜனாதிபதி ஆலோசகர் (உணவு பாதுகாப்பு) பீ.எம்.எஸ். படகோடு ஆகியோர் தனது கருத்துக்களைத் தெரிவித்தனர்.
மேலும் குறித்த வேலைத்திட்டத்தை நடைமுறைப் படுத்தும் போது முகங்கொடுக்க நேரும் பிரச்சினைகள் மற்றும் அதற்கான தீர்வுகள் தொடர்பில் பிரதமர் வருகைதந்திருந்த அதிகாரிகளுடன் விரிவாகக் கலந்துரையாடினார்.