කොවිඩ් – 19 වෛරසය බදුල්ල දිස්ත්රික්කය තුළ යලි ව්යාප්තවීමේ ප්රවණතාවයක් ඇතිවීම හේතුවෙන් එය වලක්වා ගැනීම හා දිස්ත්රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්රික් කොවිඩ් කමිටුව , දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී රැස්විණි.
කොවිඩ් වසංගතය පාලනය සඳහා අනුගමනය කළ යුතු සෞඛ්ය මාර්ගෝපදේශයන් ජනතාව නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න සොයා බලන ලෙසත් එසේ සෞඛ්ය මාර්ගෝපදේශ පිළිනොපදින පිරිස් සඳහා නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසත් ආරක්ෂ අංශ වෙත උපදෙස් ලබාදෙන ලදි.
විශේෂයෙන්ම බදුල්ල දිස්ත්රික්කය තුළ ප්රවාහන කටයුතු සම්බන්ධව වැඩි අවදානයක් යොමු කරන ලෙසත් ජනතාව දැනුවත් කිරීමේ ක්රියාවලිය නිරන්තරව සිදු කිරීමටත් අදාල අංශ වෙත උපදෙස් ලබාදෙන ලදි.