කොවිඩ් – 19 වෛරසයෙන් බදුල්ල දිස්ත්රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම හා ව්යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
බදුල්ල දිස්ත්රික්කයේ ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ වැඩපිළිවෙලෙහි වත්මන් ප්රගතිය හා පවතින ගැටළු සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
වයස අවුරුදු 30 ත් 60 ත් අතර පිරිස කඩිනමින් එන්නත්කර අවසන් කිරීමට අවශ්ය ක්රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සහ වයස අවුරුදු 60 ට වැඩි එන්නත්කරණ මධ්යස්ථාන වෙත පැමිණීමට අපහසුතා ඇති පිරිස් වෙත ශ්රී ලංකා යුධ හමුදාවේ මැදිහත් වීමෙන් දිස්ත්රික්කය පුරා සිදු කරන එන්නත්කරණ වැඩසටහනේ ප්රගතිය පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදි.
එමෙන්ම එන්නත්කරණ මධ්යස්ථානවල ප්රමාණයට වඩා පිරිස් එක්රැස්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැන නැගුනු ගැටළු සම්බන්ධව අවධානය යොමු කළ අතර ඉදිරියට එවැනි ගැටළුකාරි තත්ත්වයන් ඇති නොවන පරිදි එන්නත්කරණ වැඩසටහන ක්රියාත්මක කිරීම සියළු අංශවල දායකත්වය යටතේ සිදු කිරීමට අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නේය.
ඉදිරියේදී යම් හේතුවකින් කොව්ඩ් රෝගීන්ගේ වැඩිවීමක් සිදු වුවහොත් ඒ සඳහා අවශ්ය අතරමැදි ප්රතිකාර මධ්යස්ථාන ඇතිකිරීම මෙන්ම දිස්ත්රිකයේ ඔක්සිජන් අවශ්යතාවය හා ඒවා සපයා ගැනීම සම්බන්ධවද සොයා බැලුවේය.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රි මේජර් සුදර්ශණ දෙනිපිටිය මැතිතුමා, ග්රාමීය සහ පාසල් ක්රීඩා යටිතල පහසුකම් ප්රවර්ධන රාජ්ය අමාත්ය තේනුක විදානගමගේ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද් කුමාර් මැතිතුමා, බදුල්ල නගරාධිපති ප්රියන්ත අමරසිරි මැතිතුමා ඇතුළු ප්රදේශයේ දේශපාලන නායකයින්, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බි.විජේරත්න මහතා, බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, බදුල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත් මහතා, ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් මංගල විජේනායක මහතා , ඌව පළාත් සෞඛ්ය ලේකම් දයානන්ද රත්නායක මහතා, ප්රාදේශීය ලේකම්වරුන්, සෞඛ්ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර Zoom තාක්ෂණය ඔස්සේ කම්කරු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
கொவிட்-19 வைரஸிலிருந்து பதுளை மாவட்ட மக்களைப் பாதுகாக்க மற்றும் பரவலைக் கட்டுப்படுத்த தேவையான நடவடிக்கை எடுப்பதற்காக மாவட்ட கொவிட் கட்டுப்பாட்டுக்குழுக் கூட்டம் மாவட்டச் செயலாளர் காரியாலய கேட்போர் கூடத்தில் நடைபெற்றது.
இதன்போது பதுளை மாவட்ட மக்களுக்கு கொவிட் தடுப்பூசி வழங்கும் திட்டத்தின் தற்போதைய முன்னேற்றம் மற்றும் தற்போதுள்ள பிரச்சனைகள் குறித்து விரிவாக விவாதிக்கப்பட்டது.
30 முதல் 60 வயதிற்குப்பட்டவர்களுக்குத் தடுப்பூசி வழங்கும் நடவடிக்கைகளை விரைவுபடுத்தல் மற்றும் தடுப்பூசி மையங்களை அணுகுவதில் சிரமம் உள்ள 60 வயதுக்கு மேற்பட்டவர்களுக்கு இலங்கை இராணுவத்தின் உதவியுடன் முன்னெடுக்கப்படும் மாவட்ட அளவிலான தடுப்பூசி திட்டத்தின் முன்னேற்றங்கள் ஆய்வு செய்யப்பட்டன.
அதேவேளைத் தடுப்பூசி மையங்களில் கூட்டம் அதிகமாக இருப்பது தொடர்பாக சமீபத்திய நாட்களில் எழுந்த பிரச்சனைகள் குறித்தும் கவனம் செலுத்தப்பட்டதுடன், எதிர்காலத்தில் இதுபோன்ற பிரச்சனைகள் வராமல் இருக்க அனைத்து துறைகளின் பங்களிப்புடன் தடுப்பூசி திட்டத்தைச் செயல்படுத்தச் சம்பந்தப்பட்ட அதிகாரிகளுக்கு ஆலோசனை வழங்கப்பட்டது.
மேலும் எதிர்காலத்தில் நோயாளிகளின் எண்ணிக்கை அதிகரித்தால் இடைநிலை சிகிச்சை மையங்களை நிறுவுதல் மற்றும் மாவட்டத்தில் உள்ள ஆக்ஸிஜனின் தேவை மற்றும் அவற்றைப் பெற்றுக்கொடுத்தல் தொடர்பிலும் கலந்துரையாடப்பட்டது.
இந்த கலந்துரையாடலில் பதுளை மாவட்ட ஒருங்கிணைப்புக் குழுத் தலைவர் மேஜர் சுதர்ஷன தேனிபிட்டிய, கிராமிய மற்றும் பாடசாலை விளையாட்டு உட்கட்டமைப்பு வசதிகள் மேம்பாட்டு இராஜாங்க அமைச்சர் தேனுக விதானகமகே, பாராளுமன்ற உறுப்பினர் அரவிந்த் குமார், பதுளை மேயர் பிரயந்த அமரசிறி உள்ளிட்ட மாவட்ட அரசியல் பிரதானிகள், ஊவா மாகாண பிரதான செயலாளர் P.B. விஜயரத்ன, பதுளை மாவட்ட செயலாளர் தமயந்தி பரணகம, ஆளுநரின் செயலாளர் எம்.எம். விஜயநாயக, ஊவா மாகாண சுகாதார செயலாளர் தயானந்த ரத்நாயக்க, பிரதேச செயலாளர்கள், சுகாதார அதிகாரிகள், பாதுகாப்பு அதிகாரிகள் கலந்துகொண்டதுடன், தொழிலாளர் அமைச்சர் நிமல் சிறிபால டி சில்வா மற்றும் அரசாங்க அதிகாரிகள் குழுவினர் Zoom தொழில்நுட்பம் மூலம் பங்கேற்றனர்.