ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්රකාශයට පත් කිරීමේ ශ්රී සන්නස් පත්රය ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මහා විහාර වංශික ශ්යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්යාය පූජ්ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ වෙත පිළිගැන්වීය.
ඓතිහාසික මහියංගනය පුදබිමේ ප්රතිසංස්කරණ කටයුත්තකට සහභාගී වූ නිදහස් ශ්රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (28) පස්වරුවේ මහියංගනය පුද බිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්යාඥ, කොළඹ විශ්වවිද්යාලයේ භෞතික විද්යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්යාපන මෛත්රී සංසදය “මගින් විල්ලුව වැව මධ්යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් සිදු විය.
ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ඥාණරතන මහා නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පූජ්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනානයක පූජ්ය ආණමඩුවේ ධම්මදස්සි ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ ප්රමුඛ මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක ස්වාමීන් වහන්සේ, ප්රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේ ඇතුළු ත්රෛනිකායික මහා සංඝරත්නය ද, විපක්ෂ නායක සජිත් ප්රේමදාස, අමාත්යවරුන් වන විජයදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්රමනායක, රාජ්ය අමාත්ය තේනුක විදානගමගේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ශ්රි ලංකාවේ වියට්නාම තානාපතිනිය, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, ඓතිහාසික දළදා මාළිගාවේ දිවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල, ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරල් ශවේන්ද්ර සිල්වා, පොලිස්පති සී.ඩී. වික්රමරත්න යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයන් සහ ආරාධිත පිරිසක් පුණ්යෝත්සවයට එක්ව සිටියහ.
வரலாற்றுச் சிறப்புமிக்க மஹியங்கனை விகாரை வளாகத்தை புண்ணியஸ்தலமாக பிரகடனப்படுத்தும் ஸ்ரீ சன்னஸ் பத்திரத்தை கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்க, மகாவிஹார வங்சிக்க ஷ்யாமோபாலி மஹா நிகாயவின் அஸ்கிரி தரப்பின் சிரேஷ்ட சங்க உறுப்பினர், வரலாற்றுச் சிறப்புமிக்க மஹியங்கனை ரஜமஹா விகாரையின் விஹாராதிபதி மஹோபாத்யாய வண. உருலேவத்தே தம்மரக்கித்த தேரரிடம் கையளித்தார்.
வரலாற்றுச் சிறப்புமிக்க மஹியங்கனை விகாரையின் புனரமைப்புப் பணிகளில் பங்கேற்ற சுதந்திர இலங்கையின் முதலாவது நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி என்ற வகையில் நேற்று (28) பிற்பகல் மஹியங்கனை விகாரைக்குச் சென்ற ஜனாதிபதி ரணில் விக்ரமசிங்க, விஹாராதிபதி உருலேவத்தே தம்மசித்தி தேரரை சந்தித்து ஆசி பெற்றார்.
மெத் சவிய ஸ்தாபகர் வானியலாளர், கொழும்பு பல்கலைக்கழக பௌதீகவியல் பேராசிரியர் சந்தன ஜயரத்ன தலைமையில் “மெத் சவிய மனநலக் கல்வி கருணைச் சங்கத்தின்” மூலம் வில்லுவ குளத்தின் நடுவில் நிர்மாணிக்கப்பட்ட சுமார் 102 அடி உயரமுடைய புத்தர் சிலை திறந்து வைக்கும் முகமாக நினைவுப் பலகையை ஜனாதிபதி ரணில் விக்ரமசிங்க திறைநீக்கம் செய்தார்.
மகாசங்கத்தினர், எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச, அமைச்சர்களான விஜயதாச ராஜபக்ஷ, நிமல் சிறிபால டி சில்வா, விதுர விக்ரமநாயக்க, இராஜாங்க அமைச்சர் தேனுக விதானகமகே, தேசிய பாதுகாப்பு தொடர்பான ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகரும் ஜனாதிபதி பணிக்குழாம் பிரதானியுமான சாகல ரத்நாயக்க, இலங்கைக்கான வியட்நாம் தூதுவர் திருமதி ஹோ தி தன் ட்ரூக், (Ho Thi Thanh Truc ) வேடுவத் தலைவர் உருவரிகே வன்னிலெத்தோ, வரலாற்று சிறப்புமிக்க தலதா மாளிகையின் தியவடன நிலமே பிரதீப் நிலங்க தேல, பாதுகாப்புப் படைகளின் பிரதானி ஜெனரல் ஷவேந்திர சில்வா, பொலிஸ் மா அதிபர் சி.டி. விக்ரமரத்ன மற்றும் பாதுகாப்புப் படைகளின் பிரதிநிதிகள் உள்ளிட்ட அதிதிகள் பலர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.