එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන (FAO-UN) අනුග්රහයෙන් ක්රියාත්මක කරනු ලැබූ ව්යාවසායකත්ව පාසල් ගෙවතු උද්යාන වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන “විශාඛා හරිත වියමන” කෘෂිකර්මික අධ්යාපනික ප්රදර්ශනය අද දින බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්යාලයේ දී ආරම්භ කරන ලදී.
ඌව පළාත් සභාවේ නියෝජ්ය ප්රධාන ලේකම් ක්රම සම්පාදන කාර්යාලය සහ බණ්ඩාරවෙළ විශාඛා විද්යාලය එක්ව මෙම වැසටහන සංවිධානය කර තිබුණ අතර, විද්යාල භුමිය පුරා පාසල් දරුවන් අතින් නිර්මාණය කර තිබුන කෘෂිකාර්මික ප්රදර්ශන කුටි නැරඹීමට අවට පාසල් දරුවන් ඇතුළු දෙමාපියන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
ඌව පළාතේ පාසල් 100ක ව්යවසායකත්ව පාසල් උද්යාන වැඩසටහන පවත්වා එයින් තෝරාගත් පාසල් 42කට රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් තෑගි ප්රධානය කිරීමද මෙහිදි සිදුවිය.
ව්යවසායකත්ව පාසල් උද්යාන වැඩසටහන යටතේ ලබාගත් දැනුම හා අත්දැකීම් එකට එකතුකර සියලු පාසල්වල දරු දැරියන්ට හා සමාජයේ අනෙකුත් පාර්ශවයන් වෙත ලබාදීම හා සහයෝගිතාවය වර්ධනය කරගැනිම මෙම ප්රදර්ශන වැඩසටහනේ ප්රධාන අරමුණ වේ.
මෙම අවස්ථාවට පළාත් ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, නියෝජ්ය ප්රධාන ලේකම් (ක්රම සම්පාදන) නිමල් වීරසිංහ මහතා ඇතුළු නිළධාරීන්, ඌව පළාත් අධ්යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ඇතුළු අමාත්යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන්, විද්යාලයේ විදුහල්පති හේමන්ති විතානගේ මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය හා පාසලේ සිසුවියන් සහභාගි විය.
මෙම කෘෂිකර්මික අධ්යාපනික ප්රදර්ශනය අද 22 හා 23 දිනයන්හිදි පැවැත්වේ.
ஐக்கிய நாடுகளின் உணவு மற்றும் விவசாய திட்டம் (FAO-UN) இன் அனுசரணையில் செயல்படுத்தப்பட்ட தொழில் முனைவோர் பாடசாலை தோட்ட வேலைத்திட்டத்தை முன்னிட்டு “விஷாகா ஹரித வியமன’ விவசாய கல்விக் கண்காட்சி இன்றைய தினம் பண்டாரவெல விஷாகா மகளிர் கல்லூரியில் ஆரம்பிக்கப்பட்டது.
ஊவா மாகாண பிரதான செயலாளர் (திட்டமிடல்) காரியாலயம் மற்றும் பண்டாரவெல விஷாகா மகளிர் கல்லூரி ஆகியன இணைந்து இந்த கண்காட்சியை ஏற்பாடு செய்துள்ள அதேவேளை, பாடசாலை வளாகம் முழுதும் மாணவர்களினால் நிர்மாணிக்கப்பட்ட விவசாய கல்விக் கண்காட்சியைக் கண்டுகளிக்க அண்மித்த பாடசாலைகளின் மாணவர்கள் உள்ளிட்ட பெற்றோர்கள் பெரும் எண்ணிக்கையிலானவர்கள் கலந்துகொண்டிருந்தனர்.
ஊவா மாகாணத்தில் 100 பாடசாலைகளில் தொழில்முனைவோர் பாடசாலை தோட்ட வேலைத்திட்டம் நடாத்தப்பட்டதுடன், அதில் தெரிவு செய்யப்பட்ட 42 பாடசாலைகளுக்கு ஒன்றரை இலட்சம் ரூபாய் அன்பளிப்பாக வழங்கப்பட்டது.
தொழில்முனைவோர் பாடசாலை தோட்டத் திட்டத்தின் கீழ் பெற்ற அறிவையும் அனுபவத்தையும் ஒருங்கிணைத்து, அனைத்துப் பாடசாலைகள் மற்றும் சமுதாயத்தில் உள்ள பிற தரப்பினருக்கும் வழங்கி ஒத்துழைப்பை வளர்ப்பதே இந்தக் கண்காட்சி நிகழ்ச்சியின் முக்கிய நோக்கமாகும்.
குறித்த விவசாய கல்விக் கண்காட்சி 22 மற்றும் 23ஆம் திகதிகளில் நடைபெறும்.