ඌව පළාතේ ස්ථිර පදිංචි දරිද්‍රතාවයට මුහුණ පා සිටින පවුල් හෝ පුද්ගලයන්ට මුල්‍යමය සහන සැලසීමටත්,බරපතල රෝගවලට ගොදුරු වි සිටින හෝ දැඩි අසාධ්‍ය තත්වයෙන් පෙළෙන රෝගින්ගේ  ශල්‍යකර්ම හා අධ්‍යාපන අංශයෙන් විවිධ ජයග්‍රහණයන් ලබා ඇති සිසුන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා සහ ස්වභාවික හේතුන් නිසා විනාශයට පත් නිවාස සඳහා ආධාර ලබා දිමේ අරමුණින් 2021.02.01 වන දින ප.ව.2.30ට ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ කමිටු සමාජික රැස්විම පවත්වන ලද අතර, මෙහිදි වෛද්‍ය ආධාර ඉල්ලුම්පත් 92ක්, උසස් අධ්‍යාපන ආධාර ඉල්ලුම්පත් 06ක්, නිවාස ආධාර ඉල්ලුම් පත් 03ක් හා වෙනත් ආධාර ඉල්ලීම් 02ක් සම්බන්ධයෙන් සාකච්ජාවට භාජනය කරන ලදි.