ඌව පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් බදුල්ල පුස්තකාල ශ්රවණාගාරයේදි දින දෙකක් පුරා (21 හා 22) පැවැත්විය.
මෙහිදී දින දෙකක් පුරා විශේෂ පුහුණු වැඩ සටහනට සහභාගි වු අයට සහතික පත්ර ප්රධානය කිරීම අද දින සිදුවිය.
ඌව පළාතේ රියදුරු පුහුණු පාසල විසින් පවත්වනු ලැබු මෙම පුහුණු වැඩසටහනේදී රිය අනතුරු හා මාර්ග ආරක්ෂණ සම්බන්ධ විශේෂ දේශනයක් ප්රවීණ මනෝ උපදේශිකා අමා දිසානායක මහත්මිය විසින් පැවැත්විය.
ඌව පළාත් මගී ප්රවාහන සේවා අධිකාරයේ සභාපති සුසිල් කුමාර මහතාගේ සහ සාමාන්යධිකාරි නවරත්න බංඩාර මහතාගේ උපදෙස් මත ඌව පළාත් රියදුරු පුහුණු පාසලේ විදුහල්පති සචිත්ර ලහිරු බංඩාර මහතා ඇතුලු නිළධාරීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට පළාත් ප්රවාහන අමාත්යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගි විය.