ඌව පළාත් සභාවේ අභිනව ප්රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය අද 04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම සිදුවිය.
බදුල්ල දිසාපතිතුමිය ලෙස වසර පහක කාලයක් සේවය කරමින් සිටියදි ඌව පළාත් සභාවේ 8 වන ප්රධාන ලේකම් තනතුරට පත්වූ ඇය, ඌව පළාත් සභාවට පත්වු ප්රථම කාන්තා ප්රධාන ලේකම්වරියද වෙති.
ඌව පළාත් සභාවේ ප්රධාන ලේකම් පී.බී විජයරත්න මහතා ඊයේ දිනයේ විශ්රාම යෑම නිසා ඇති වු පුරප්පාඩුවට දමයන්ති පරණගම මහත්මිය ජනපතිතුමන් විසින් ප්රධාන ලේකම් තනතුරට පත්කර තිබේ.
දමයන්ති පරණගම මහත්මිය ගාල්ල අක්මීමන පිලාන ගම්මානයේ ජන්මලාභය ලබා දංගම කනිෂ්ඨ විද්යාලයෙන් මුලික අධ්යාපනය ආරම්භ කළ ඇය, ගාල්ල සවුත්ලන්ඩ් විද්යාලයෙන් උසස් අධයාපනය හදාරා පසුව, රුහුණු විශ්වවිද්යාලයට ඇතුලත්ව ව්යාපාර පරිපාලන උපාධිය සමත්ව පසුව කැළණිය විශ්ව විද්යාලයෙන් සමාජ විද්යාව පිළිබදව පශ්චාත් උපාධිය සමත්ව තිබේ.
විශ්ව විද්යාල අධ්යාපනයෙන් පසු දමයන්ති පරණගම මහත්මිය ජනසවිය භාරකාර අරමුදලේ ප්රාදේශීය සම්බණ්ධිකාරක තනතුර දරමින් සිටියදි 1998 වසරේදි පැවති ශ්රී ලංකා පරිපාලන විභාගය සමත්ව එතැන් සිට අගුණකොල පැළැස්ස සහ බෝපේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්රාදේශිය ලේකම් තනතුර දරමින් සිට පසුව, අක්මීමන සහ හික්කඩුව යන ප්රාදේශිය ලේකම් කාර්යාලයන්හි වසර කිහිපයක් ලේකම් තනතුරහි රාජකාරයේ නිරතව ඇත,
2017 වසරේදි මාතර අතිරේක දිස්ත්රික් ලේකම් තනතුරට පත්ව රාජකාරි කරන අතරතුර ස්වදේශ කටයුතු අමාත්යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත්ව සිටියදි, 2018 වසරේදි දමයන්ති පරණගම මහත්මිය බදුල්ල දිස්ත්රික් ලේකම් තනතුරට පත්ව එතැන් සිට මේ දක්වාම ඇය බදුල්ල දිස්ත්රික්කයට විශිෂ්ඨ සේවයක් සිදුකර තිබේ.
මෙම අවස්ථාවට රාජ්ය ඇමතිවරුන් වන චාමර සම්පත් දසනායක මැතිතුමා, තේනුක විදානගමගේ මැතිතුමා ඇතුලු පළාත් සභාවේ අමාත්යාංශ ලේකම්වරුන් හා ආයතන ප්රධානින්,ප්රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් සහභාගි විය.
ஊவா மாகாண சபையின் புதிய பிரதம செயலாளராக நியமிக்கப்பட்ட திருமதி தமயந்தி பரணகம இன்று காலை 10.12 மணியளவில் சுப வேளையில் மாகாண சபையின் பிரதம செயலாளர் காரியாலயத்தின் தனது கடமைகளைப் பொறுப்பேற்றார்.
பதுளை மாவட்டச் செயலாளராக ஐந்து வருடங்கள் கடமையாற்றிய அவர், ஊவா மாகாண சபையின் 8ஆவது பிரதம செயலாளராக நியமிக்கப்பட்டுள்ளார். அதேவேளை ஊவா மாகாண சபையின் முதலாவது பெண் பிரதம செயலாளரும் இவர் என்பது குறிப்பிடத்தக்கது.
ஊவா மாகாண சபையின் பிரதம செயலாளராகக் கடமையாற்றிய பி.பி.விஜயரத்ன நேற்றுடன் ஓய்வுபெற்றதையடுத்து ஏற்பட்ட வெற்றிடத்திற்குப் பிரதம செயலாளர் பதவிக்குத் திருமதி தமயந்தி பரணகம ஜனாதிபதியினால் நியமிக்கப்பட்டுள்ளார்.