ඌව පළාත් සභාවේ අධ්යාපන අමාත්යාංශය හා මාධ්ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය වැඩසටහන පොසොන් පොහෝ දින සවස ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී .
මෙම බැති ගී සරණිය වැඩසටහන සඳහා ඌව පළාතේ අමාත්යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් හා කාර්යාංශයේ එක්ව බැති ගී ඉදිරිපත් කරන ලදී.
නිව් සිටි ඇගෝ ප්රොඩක්ට්ස් ලිම්ටඩ් හා සතුට පර්ටිලයිසර් සමාගමේ බැතිබර සම්පූර්ණ දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ඌව පළාත් ප්රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ප්රියන්ති මහත්මිය ඇතුළු ඌව පළාතේ රාජ්ය ආයතන ප්රධානීන් සහභාගි විය.