ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී පළාතේ වර්තමාන කෝවිඩ් තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්යවරුන් විසින් කරුණු ඉදිරිපත් කෙරුණි, එමෙන්ම ඉදිරියේදී අවදානමක් ඇතිවුවහොත් මුහුණ දීමේ අරමුණින් පළාතේ සියලුම රෝහල් වලට කොවිඩ් ප්රතිකාර පහසුකම් වැඩි කිරීමටත් තීරණය කෙරුණි.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, මොණරාගල දිස්ත්රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු සෞඛ්ය අංශවල නිලධාරීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්, ප්රාදේශීය ලේකම්වරු සහ රජයේ නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.