ඌව පළාත් කොවිඩ් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්රවණාගාරයේ පවත්වන ලදී.
මෙහිදී වර්තමානයේ රටේ ඇති වී තිබෙන වසංගත තත්වය හමුවේ, ඌව පළාතටත් අවදානමක් ඇති වී තිබෙන බැවින් බදුල්ල මහ රෝහලට අලුතින් PCR යන්ත්රයක් මිලදී ගැනීමට තීරණය කෙරුණි.
එමෙන්ම ඌව පළාත තුල පොදු ප්රවාහන කටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත්, සෞඛ්ය උපදෙස් පිළිනොපදින පිරිස සඳහා නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසත් ආරක්ෂක අංශ වලට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, මොණරාගල දිස්ත්රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු සෞඛ්ය අංශවල නිලධාරීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්, ප්රාදේශීය ලේකම්වරු සහ රජයේ නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.