ඌව පළාත් කෘෂිකර්ම අමාත්යාංශය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී පළාත් කෘෂිකර්ම අමාත්යාංශය මගින් මේ වන විටත් ක්රියාත්මක කරමින් පවතින කෘෂිකර්ම වැඩපිළිවෙල ප්රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ද වැඩි අවධානයක් යොමු විය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම්, පළාත් කෘෂිකර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.