ඌව පළාත් අධ්යාපන අමාත්යාංශයේ ප්රගති සමාලෝචන රැස්වීම ඌව පළාත් සභා ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි බවත්, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට මග පෙන්වීම අප සැමගේ විශාල වගකීමක් බවත් අවධාරණය කළේය.
එමෙන්ම තාක්ෂණ අංශයේ උපදෙස් අනුව ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාල අධ්යාපනය වඩාත් ඵලදායී කිරීම කෙරෙහි අපට විශේෂ අවධානයක් යොමුවී තිබෙන නමුත්, අප පළාත සම්බන්ධයෙන් ගත් කල, සියලු සිසුන්ට ස්මාර්ට් අධ්යාපනය ලබා දීමට බොහෝ බාධක ඇත.එබැවින් සිසුන් වෙත ළඟා විය හැකි පහසුම මාර්ගය ගුවන් විදුලියයි.ඒ අනුව අපේ පළාතේ ගුවන් විදුලි නාලිකාව වඩාත් ආකර්ෂණය වන පරිදි විධිමත්ව අධ්යාපන වැඩසටහන් භාෂා ත්රිත්වයෙන් නිෂ්පාදනය කිරීමට හා මුද්රිත මාධ්යයක ලෙස පළාත් සභා නිල පුවත්පත යොදාගනිමින් වඩාත් ඵලදායි පාසැල් අධ්යාපන වැඩසටහන් සකස්කිරීම සඳහා පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නෙමි.
එමෙන්ම පාසැල් නිවාඩු කාලය ප්රයෝජනයට ගනිමින් ක්රියාත්මකව පවතින පාසල් ගොඩනැගිලි වල ඉතිරි ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මනින්ම අවසන් කරන ලෙසත් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ඌව පළාතේ ප්රධාන ලේකම් පී. බී. විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා, පළාත් අධ්යාපන අංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය ඇතුළු අධ්යාපන අංශවල නිලධාරීන් එක්ව සිටියහ.