“ඌවදීප” අධ්යාපනික පුවත්පතේ 4-5 ශ්රේණි සදහා ක්රියාකාරකම් සංග්රහය සහ දමිළ සාමාන්ය පෙළ පළමු කළාපය අද දින එළිදක්වන ලදී.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අකර්මණ්ය වී ඇති පාසල්වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා ඌව පළාත් අධ්යාපන අමාත්යාංශය, ඌව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව සහ පළාත් සභා මාධ්ය ඒකකය එක්ව මෙම වැඩ සටහන ක්රියාත්මක කරනු ලබයි.
“ඌවදීප” ඌව පළාත් සභාවේ නිළ පුවත්පත අධ්යාපනික පුවත්පතක් වශයෙන් මේ දිනවලදී මාසිකව ශිෂ්යත්ව, සාමාන්ය පෙළ සහ උසස් පෙළ සියලුම විෂයන් වලට අයත් විෂය මාලාවන් ආවරණය වන පරිදි පුවත්පත සිංහල හා දමිල භාෂාවෙන් මුද්රණය කර ඌව පළාතේ සියලුම පාසල් වල දරුවන් අතට ලබාදීමට කටයුතු කර තිබේ.
“ඌවදීප” පුවත්පතට විෂය සමගාමි ලිපි සැපයිම සදහා විෂය ප්රවීණ හා පාසලේදි හා පෞද්ගලික පංති අතර ඉගැන්වීම් කටයුතු වලින් ඌවේ නමක් දිනාගත් ප්රවීණ ගුරු මඩුල්ලක් මේ සදහා දායකත්වය ලබා දී තිබේ.
මෙම අවස්ථාවට පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ධ්යා අඹන්වල මහත්මිය, අධ්යාපන අධ්යක්ෂ ඩී.එම් රත්නායක මහතා ඇතුළු නිළධාරීන් සහභාගී වූහ.
“ஊவாதீப” கல்விசார் பத்திரிகையின் 4-5 தரங்களுக்கான செயற்பாடுகளடங்கிய கையேடு மற்றும் க.பொ.த.சாதாரண தரம் மாணவர்களுக்கான கையேடு இன்றைய தினம் வெளியீட்டு வைக்கப்பட்டது.
கொவிட் தொற்று காரணமாகப் பாதிக்கப்பட்டுள்ள பாடசாலை கற்பித்தல் நடவடிக்கைகளைச் சீரமைக்கும் நோக்கில் ஊவா மாகாண கல்வி அமைச்சு, ஊவா மாகாண கல்வித் திணைக்களம் மற்றும் மாகாண ஊடகப் பிரிவு இணைந்து இந்த வேலைத்திட்டத்தை முன்னெடுத்துள்ளது.
“ஊவாதீப” ஊவா மாகாண சபையின் உத்தியோகபூர்வ பத்திரிகை, இன்றைய நாட்களில் கல்விசார் பத்திரிகையாக மாதாந்தம் புலமைப்பரிசில், சாதாரண தரம் மற்றும் உயர் தர மாணவர்களின் அணைந்து பாடங்களுக்குமான பாடத்திட்டங்கள் உள்ளடக்கியதாகத் தமிழ் மற்றும் சிங்கள மொழிகளில் அச்சிடப்பட்டு ஊவா மாகாணத்தின் அனைத்து மாணவர்களினதும் வீடுகளுக்கே விநியோகிக்க நடவடிக்கை முன்னெடுக்கப்பட்டுள்ளது.
இந்த நிகழ்வில் மாகாண கல்வி அமைச்சின் செயலாளர் சந்தியா அபன்வெல, கல்விப் பணிப்பாளர் டீ.எம். ரத்நாயக உள்ளிட்ட அதிகாரிகள் கலந்துகொண்டனர்.
May be an image of 5 people, people standing and indoorMay be an image of 6 people, people standing and indoor