යටත් විජිත පාලන යුගයෙන් නිදහස ලබා 75 වසරක් සපිරීම නිමිත්තෙන් එම නිදහස අද දින අපි ඉමහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වර්ෂයේ නිදහස දිනාගැන්මට අපට හැකි වුයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශරී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු කිරීම නිසා බව අප කිසිසේත් අමතක කළ යුතු නැත.
අභිමානවත් ප්රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක උරුමක්කාරයින් වු අප එකම ධජයක් යට එක්සිත්ව නිවහල්ව වැජඹීමට අන්යෝන්ය සහයෝගයෙන් යුතුව කටයුතු කල යුතුම කාලය එලඹී ඇති බැවින්, ”එක්ව නැඟී සිටිමු” යන තේමාව යටතේ 75 වන නිදහස් දිනය උත්කර්ෂවත්ව සමරන මෙම මොහොතේ, ලැබූ නිදහස අර්ථවත්, යථාර්ථවාදී නිදහසක් ලෙස සැමරීමට නම් අප සියලූ දෙනා ජාති, කුල, ආගම්, පක්ෂ, පාට, භේද නොසලකා ශරී ලාංකීය ජාතියක්් ලෙස අභිමානයෙන් එකමුතුව කටයුතු කල යුතු බව මාගේ හැගීමයි.
වර්තමානයේ සියලූ අභියෝග අතරින් අපට හිමි පරධාන අභියෝගය වන්නේ අප රට තුළ ඇති ආර්ථික උද්ධමනය නැති කර රට යළි නඟා සිටුවීමයි. මේ වන විට ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ජනතාව, විශේෂයෙන්ම තරුණ පරජාව අතර රට ගොඩනැගීමේ පරබෝධයක් ඇති වී තිබෙන මේ මෙහොතේ රට යළි ස්වර්ණමය අනාගතයක් කරා පියමැනීම ආරම්භ වී ඇත යන්න අද දින සිහිකරනුයේ අභිමානයෙනි.
රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ පුරවැසියන් ලෙස අවංකව හා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට මෙම නිදහස් දිනයේදී අපි සැවොම පරතිඥා දෙමු.
ඔබ සියලූ දෙනාට නිදහස් දින උණුසුම් සුභ පැතුම්!
ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර
04-02-2023