පුරා වසර 30ට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය නිමාකර, සිරිලකට සාමය උදාකරලීම සඳහා සිය ජීවිත පූජාවෙන් හා සිය ලෙයින්, දහදියෙන් අමිල වූ කැපවීමක් සිදුකළා වූ රණවිරුවන් එදා මෙන්ම අදත්, සැමදාත්,  අභිමානයෙන් යුතුව අනුස්මරණය කිරීම, කළගුණදත් ජාතියක් වශයෙන් අප සතු මහඟු යුතුකමකි. එකී යුතුකම ඉටුකරලීම අරමුණු කරගනිමින් සෑම වර්ෂයකදීම ඌව පළාත් සභාවත්, ඌව පළාතේ ආරක්ෂක අංශත් එක්ව පවත්වන්නා වූ රණවිරු අනුස්මරණ උළෙල, 2025.05.27 වන දින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය අසළ ස්ථාපිත කර තිබෙන පළාත් රණවිරු ස්මාරකය අභියස දී අති උත්කර්ෂවත් අන්දමින් හා ගාම්භීරව පවත්වන ලදි.

ජාතික මට්ටමින් සංවිධානය කර තිබූ රණවිරු අනුස්මරණ උළෙලට සමගාමීව පවත්වන ලද ඌව පළාත් සැමරුම් උත්සවය  සඳහා ත්‍රිවිධ හමුදාවේ උසස් නිළධාරින්, ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැමරුම් උත්සව අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි දිනිඳු සමන් හෙන්නායක මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි අමිබිකා සාමිවෙල් මහත්මිය,මොණරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් විජේවීර මහතා, ඌව පළාතේ ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී ප්‍රියන්ති මහත්මිය ඇතුලු ඌව පළාත් සභාවේ නිළධාරින් රැසක් හා ත්‍රිවිධ හමුදාවේ නිළධාරින් ඇතුලු පිරිසක් සහභාගි විය.