සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව – 2026
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගෞරවණීය රාජ්‍ය සේවකයෙකු වන මම,
රාජකාරියේදී, සමස්ත රාජ්‍ය සේවයේ ප්රගමනය වෙනුවෙන්
මා තුල වන අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන
ආදර්ශයෙන් වෙනස් වීමටත්,
ඒ අනුව මා අවට රාජකාරි පරිසරය හා සමාජයේ
සුපිලිපන් වෙනසක් සිදු කිරීමටත්
පෞද්ගලික ලාභ ප්රයෝජනවලට වඩා
සැම විටම පොදු මහජන යහපතට ප්‍රමුඛතාවය දෙන බවටත්,
කිසිදු බාහිර අධීක්ෂණයකින් තොරව වුවද,
මාගේ හෘද සාක්ෂියට එකහාව ස්වයං-පාලනයකින් යුතුව,
සැමවිටම නිවැරදි සහ සදාචාරාත්මක දේ පමණක් සිදු කරන බවටත්,
රාජ්‍ය සේවයේ පදනම වන පාරදෘශ්‍යභාවය, වගවීම,
මූල්‍ය විනය සහ නීතියට ගරු කිරීම යන වටිනාකම්
මාගේ දෛනික රාජකාරීවලදී අනුගමනය කරන බවටත්,
රාජ්‍ය පරිපාලන පද්ධතියෙන් අල්ලස, දූෂණය, නාස්තිය,
ලබැදියාවන් අතර ගැටුම, ඥාති සංග්‍රහය සහ අකාර්යක්ෂමතාවය
සහමුලින්ම තුරන් කිරීම වෙනුවෙන් කැපවන බවටත්,
මා වෙත පැමිණෙන සැම සේවාලාභියෙකුටම
කිසිදු භේදයකින් තොරව, සමානාත්මතාවයෙන් සහ
කරුණිකව සේවය සැපයීමට මා බැඳී සිටින බවටත්,
“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” උදෙසා වන
මෙම ජාතික මෙහෙයුමට මාගේ උපරිම දායකත්වය ලබා දෙන බවටත්
මෙයින් ප්‍රතිඥා/ දිවුරුම් දෙමි !







