සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවයට සමගාමීව පැවති හිසතෙල් ගෑමේ මහෝත්සවය මුතියංගන රාජ මහා විහාරස්ථානයේදි පැවැත්විිනි

මුතියංගන රාජ මහා විහාරස්ථානයේ භාරකාර මුරුන්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන පැවැත්විය. මෙම අවස්ථාවට ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, තරුණ කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මැතිතුමා, බදුල්ල ගරු නගරාධිපති නන්දන හපුගොඩ මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුලු ඌව පළාත් සභාවේ නිලධාරින් හා ප්‍රදේශවාසී ජනතාවද සහභාගී විය.